සිරියාවේ රකා නගරයේ පිහිටි අයිඑස්අයිඑස් ත්‍ර‍ස්තවාදීන්ගේ කඳවුරු වෙත සබ්මැරිනයකින් දිග දුර විහිදුම් මිසයිල එල්ල කළ බව රුසියාවේ ආරක්ෂක අමාත්‍ය සෙර්ගෙයි ශෝයිගු පවසයි.

පසුගිය සැප්තැම්බරයේ දී රුසියා ප්‍ර‍හාරක යානා සිරියාවේ මෙහෙයුම් ආරම්භ කළ ද රුසියාව ප්‍ර‍හාර සඳහා සබ්මැරිනයක් යොදා ගත් පළමු අවස්ථාව මෙයයි.

රුසියාව පවසන්නේ සිරියානු ජනාධිපති බෂර් අල් අසාද්ගේ ඉල්ලීම මත තමන් මෙහෙයුම් ආරම්භ කළ බවයි.