
ටයිටැනික් නැවේ සුන්බුන් නැරැඹීමට සංචාරකයන් රැගෙන මුහුදේ කිමිඳෙද්දී අතුරුදන් වුණු ‘ටයිටන්’ නමැති කුඩා සබ්මැරීනයේ ඔක්සිජන් අවසන් වීමත් සමඟ ඒ තුළ සිරවුණු පස් දෙනා බේරා ගැනීමට නොහැකි වනු ඇතැයි ඇමෙරිකන් වෙරළාරක්ෂකයෝ කියති.
පසුගිය 19 වැනිදා සිට අතුරුදන් වුණු සබ්මැරීනය සොයා දිවි ගලවා ගැලීමේ මෙහෙයුම් සිදු වන්නේ ඇමෙරිකන් වෙරළාරක්ෂක නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙනි. කැනඩාවේත් ප්‍රංශයේත් සහාය ඔවුන්ට හිමිවෙයි.
‘ටයිටැනික් නැවේ සුන්බුන් බලා යද්දී සබ්මැරීනයේ පැය 96 කට ප්‍රමාණවත් ඔක්සිජන් තිබුණා. සබ්මැරීනය සොයා අපි කඩිනමින් මෛහයුම් ආරම්භ කළත් එය සොයා ගැනීමට හැකි වුණේ නැහැ.’ යැයි ඇමෙරිකන් වෙරළාරක්ෂක නිලධාරී අද්මිරාල් ජෝන් මාගර් මාධ්‍ය හමුවේ පැහැදිලි කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd