දකුණු චීනයේ ෂෙන්සෙන් නගරයේ කාර්මික උද්‍යානයක සිදුවූ නායයාමකින් ගොඩනැගිලි කිහිපයක් යටවී පුද්ගලයන් 27 දෙනකු අතුරුදන්ව ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.

වර්ග මීටර් 20,000ක පමණ කොටසක් පස්වලින් යටවී තිබූ බවත් ගොඩනැගිලි 18ක් නායයාමට හසුවීමෙන් පසු පුද්ගලයන් 7 දෙනකු පමණක් බේරාගැනීමට හැකිවූ බවත් මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යංශය කියයි.

ෂෙන්සෙන් හි මහජන ආරක්ෂණ අධිකාරිය අන්තර්ජාලයේ දැන්වීමක් පළ කරමින් සඳහන් කර ඇත්තේ නායයාමෙන් පසු ගෙවුණු පැය අටක කාලය තුළ පිරිමි 21 ක් හා කාන්තාවන් 6 දෙනකු සොයාගැනීමට නොහැකිවී ඇති බවයි.

ෂෙන්සෙන් නාගරික රජයේ නියෝජ්‍ය ලේකම් ලී යිකැන්ග් එරට රූපවාහිනී ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ පුද්ගයන් 900 දෙනකු පමණ උන්හිටි තැන් අහිමිව සිටින බවයි.

webChina_201512202213