පැරිසිය ලෝකයේ විලාසිතා අගනුවර කළ සුප්‍රසිද්ධ මෝස්තර නිර්මාණකරුවකු වන කාල් ලැගර්ෆීල්ඩ් මහතා පැරිසියේ රෝහලක ප්‍රතිකාර ගනිමින් සිටියදී අද (19) මිය ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මිය යන විට ඒ මහතා 85 හැවිරිදි වියේ පසුවිය. කාල් මහතාගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

විලාසිතා සංදර්ශන කිහිපයකට සහභාගී වීමට නොහැකි වීම නිසා සති කිහිපයක සිටම කාල් මහතා අසතුටින් සිට තිබේ.

 

අල්ජසීරා ඇසුරෙනි

(28535)