ලන්ඩන් සිට මුම්බායි බලා යෑමට ගිය ඉන්දියාවේ සුපිරි නළු අක්ෂයි කුමාර් (48) වීසා ගැටළුවක් නිසා ලන්ඩනයේ හීත්‍රෝ ගුවන් තොටුපොළේ පැය එක හමාරක් පමණ රඳවා ගත් බව ඉන්දියා මාධ්‍ය වාර්තා කරයි.
සාමාන්‍ය මගීන් රඳවා ගන්නා ස්ථානයේ ඔහු ද රඳවාගෙන සිටිය දී තමා වෙනත් තැනකට ගෙන යන ලෙස ඔහු කළ ඉල්ලීම ප්‍රතික්ෂේප ආගමන විගමන නිලධාරීහු අක්ෂයි දිගටම සාමාන්‍ය මගීන් රඳවාගෙන සිටිනා ස්ථානයේම තබා ගත්හ.
අක්ෂයි ලන්ඩන් ගොස් ඇත්තේ ඔහුගේ ඊළඟ චිත්‍රපටය වන ‘රස්ටම්‘ හි රූගත කිරීම් සඳහාය.
ඔහු අත්අඩංගුවට ගත් බවට පැතිර යන ගතා බොරු බවත්, ඔහු රඳවා තබා ගැනීම පමණක් කළ බවත් අක්ෂයි හිතවත් ආරංචි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලලිත්! ඔයාගේ මුතුන් මිත්හෝ ආවේ හදෙන් වෙන්න ඇති නේද? අපේ ආගම, භාෂාව සහ සංස්කෘතිය අාවේ කොහෙන්ද කියල දන්නවද? (බ)
ලංකාවේ ගුවන්තොටුපොළේ ගුවන් මගීන් ලියාපදිංචි කිරීමේ (චෙක් ඉන්) පෝලිමේ සහ විදේශ ගමන් බලපත්‍ර පරීක්ෂා කරන පෝලිමේ සමහර මගීන් ගුවන්තොටුපොළේ සේවය කරන හිතවතෙක් සමග පැමිණ ඉදිරියෙන් සිට ගන්නවා. විදේශිකයන්ද බහුලව සිටින මෙම පෝලිම්වල සිදුවන මෙම ක්‍රියාව ගැන ලාංකිකයන් වන අපි ලජ්ජා විය යුතුය. (බ)
රෝහිත, එහෙනම් ඔයා තමිල්නාඩුවට ගිහින් පදිංචි වෙන්න. (නි)
අපේ රටේ නම් මෙහෙම කරයිද? (නි)
එහෙම තමයි නීතිය අකුරටම ක්‍රියාත්මකවෙන රටවල් (නි)
අපේ රටෙත් නළු බට්ටෙක් ගේ දුවක් එම්බසි එකක දෙවනිය වෙලා උන්නේ,,,පුදුම හයිය තියෙන නළුවෝ නේ අපේ රටේ ඉන්නේ (බ)
ලලිත්ගේ තියෙන්නේ මෝඩ ඉන්දීය විරෝධයක් විතරයි. අපේ සංස්කෘතිය, භාෂාව, ආගම, ඇඳුම පැළඳුම, කන ආහාර පවා ඉන්දියාවට නෑකම් කියනවා. ඔබ දැන් පාවිච්චි කරන වාහනයත් සමහරවිට ඉන්දියාවේ නිෂ්පාදිත එකක් වෙන්න පුළුවන්. (නි)
නීතිය කාටත් එක සමානයි .නළුවෙක් වුනත් නළු බට්ටෙක් වුනත් ලොකුකම හිතට අරන් නීතියට ඉහලින් යන්න පුළුවන්කමක් දියුණු රටවල නැහැ . ඒ රටවල මැති ඇමති වරු පවා සාමාන්‍ය ජනතාව සමග පෝලිමේ ඉඳලා නීත්‍යානුකුලව කටයුතු කරනවා (බ)
සංවර්ධිත රටක නිතිය කාටත් එකයි, උදාහරණ බොහොමයි (බ)
අහන්න ලැබීමත් සතුටක් (බ)
පිටිගල මිලානෝ, මටත් ලස්සන කතාවක් තියනවා. මීට වසර විස්සකට පමණ පෙර, කුඩා දරුවන් කරපින්නාගෙන රාත්‍රී දොළහට අපි කස්ටම් පෝළිමේ සිටියා. කිසිම පෝළිමකට එකතු නොවී 5-6 දෙනෙකුගේ කණ්ඩායමක් පැත්තක සිටියා. රේගු නිලධාරියෙක් ඔවුන් ළඟට ගොස් ඔවුන්ගේ ගමන් බලපත් එකතුකරගෙන මා සිටි පෝළිමේ නිලධාරියා ළඟින් තබා ඉවත්ව ගියා. මොහොතකින් ටිකක් වයසක පෙනුමක් තියන නිලධාරියෙක් ඇවිත් අර ගුවන් බලපත් ටික රැගෙන ගියා. පෝළිමේ සිටි සියල්ලෝම අත්පුඩි ගසා සතුට පළකළා. අනීතියෙන් විනාඩි කිපයක් කලින් යන්න උත්සාහ කළ අර කට්ටියට අඩුම ගානේ පැයක් හමාරක් පරක්කු වෙන්න ඇති (නි)
හිත්රෝ ගුවන් තොටුපළට ආරක්ෂාව උපරිම ලෙස තිබිය යුතුය. අපි සැවෝම නීතියට ගරු කළයුතුය. (නි)
සෑම්, නිතර ගුවන්තොටුපොළ හරහා යන මට මෙවන් දේවල් බහුලව දකින්න ලැබෙනවා. වරක් එක්තරා ටයිකෝට් ඇඳපු මහත්මයෙක් පොලිස් නිලධාරියෙක් සමඟ පැමිණ විගමන පෝලිමේ ඉදිරියෙන්ම නැවතුනා. මා ඔහුට සැමට ඇසෙන ස්වරයෙන් 'මිස්ටර් විල් යු ප්ලීස් රෙස්පෙක්ට් ද කියූ' කියා කී විට පොලිස් නිලධාරියා ඔහුව නවතාගන්න බැලුවත් එම පුද්ගලයා කිසිවක් නොකියා පෝලිම පිටුපසට ගියා. පොලිස් නිලධාරියා මා දෙස රවා බැලුවා (නි)
රෝහිත, ඔය ඇත්තගෙ මුතුන්මිත්තො, ආගම, සංස්කෘතිය ඉන්දියාවෙන් එන්න ඇති. ඒත් අපේ මුතුන්මිත්තො, දහම, සංස්කෘතිය අපේ හෙළයන් ගොඩනඟපුවයි. “අපේ බුදුන් අපි වඳින්නේ පෙරළි පෙරළි අපි වඳින්නේ...“ (නි)
ඔය එක්කෙනෙක් අල්ලලා රඳවාගෙන අත ඇරලා වැඩක් නැහැ ඔය රටේ ඉඳන් එන සේරම රඳවාගන්න අපහු යවන්න ඕනැ. පය තිබ්බොත් ගිය තැන බින්න බහිනවා. ඉන් පස්සේ බුරුතු පිටින් ගෙන්න ගන්නවා. එ්කනේ අපි වුනත් මේ කට්ටිය එනවට ඔය තරම් විරුද්ධ වෙන්නේ? (බ)
අනේ ඉතින් අපිට නම් මීටවඩා ප්‍රශ්න තිබෙනවා. (නි)
දැක්කා නේද ඒ රටේ කාට වුනත් එකම සැලකිල්ල.(හේ)
ලලිත් වගේ දෙන්නෙක් රටටම ඇති (නි)
නළුවන්ට එක නීතියකුත් සාමාන්‍ය ජනතාවට එක නීතියකුත් ලෝකයේ දියුණු රටවල සාමාන්‍යයෙන් දැකිය නොහැක , නළුවා හොඳ ශරීර සෞඛ්‍යයෙන් පසුවේ නම් ඔහු සාමාන්‍ය ජනතාව රැඳී සිටින තැන රැඳී සිටීම ප්‍රශ්නයක් නැත (බ)
ඔය සුපිරි කම් තියෙන්නේ මේ අපේ රටවල් වල විතරයි. ඔය සිද්ධිය වුන රටවල්වලට කව්රුත් එකයි. (බ)
ලේක්කෝ ගලබඩ සහ රාජපක්ෂ, ඉතිහාසය නැවත වතාවක් කියවලා එන්න්න. ඉහෙම නැත්නම් ඉන්දියාවට ගිහින් බල්ලන. බොරුවට දොඩවන්නේ නැතුව (නි)