සුපිරි පොප් ගායකයකු වූ ජෝර්ජ් මයිකල් (53) මියගිය බව විදෙස් පුවත් සේවා පවසයි. ඔක්ස්ෆෝඩ්ෂයර් හි ඔහුගේ නිවසේ යහන මත ඔහු මියගොස් සිටි බව කියති.
හෘදයාබාධයක් හේතුවෙන් ඔහු මියගිය බව ජෝර්ජ් මයිකල්ගේ හිටපු කළමනාකරු මයිකල් ලිප්මන් පවසා ඇත.
කඩවසම් පෙනුමින් හා උත්කෘෂ්ට හඬින් සිය රසිකයන් අමන්දානන්දයට පත් කළ ජෝර්ජ් මයිකල් සමාජයේ විවිධ මතභේදකාරී සිදුවීම් ඇති කළ අයෙක් බවද කියති.
ඔහු ගීත රචකයකු හා නිෂ්පාදකයකු ලෙසද කටයුතු කළේය. ඔහුගේ ‘ලාස්ට් ක්‍රිස්මස්‘ සහ ‘වේක් අප් මී අප් බිෆෝ යූ ගෝ‘ වැනි ගීත ඉතා ජනප්‍රිය විය. ජෝර්ජ් මයිකල්ගේ ගී තැටි ලොව පුරා මිලියන 100කට වැඩි ප්‍රමාණයක් අලෙවි වී ඇතැයි ද ඔහුගේ කුළුඳුල් ගීත ඇල්බමය වූ ‘ෆේත්‘ ලොව පුරා පිටපත් මිලියන 20ක් අලෙවි වී ඇතැයි ද කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජෝර්ජ් මයිකල් සුපිරි ගායකයෙකි. ඔහුගේ පුද්ගලික ජීවිතයෙන් අපට වැඩක් නැත. ඔහුගේ ලගන්නා සුලු හඬින් ගැයූ ගී සදාකල් පවතිනු ඇත.මගේ ප්‍රියතම ගායකයෙක් වූ ඔබට සුබ ගමන්.! (බ)