IMG-LOGO

ස්පුට්නික්-5 එන්නතේ කාර්යක්ෂමතාව ඉහළ බව රුසියානු බලධාරීහු දැනුම් දෙති

 

(තිළිණි ද සිල්වා)

කොවිඩ් මර්දනය සදහා රුසියාව සොයා ගත් ස්පුට්නික් -5 එන්නතේ  කාර්යක්ෂමතාව සියයට 91.4 කට වඩා ඉහළ බව තහවුරු කොට ඇති බව රුසියානු ගමලෙයා පර්යේෂණ ආයතනය අවධාරණය කර ඇතැයි රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී.
 

සායනික අත්හදා බැලීමේ අවසාන විශ්ලේෂණය මත පදනම්ව, ඒ බව තහවුරු කර ගෙන ඇතැයිද තානාපති කාර්යාලය වැඩිදුරටත් කීය.
 
මෙරට සෞඛ්‍ය  අමාත්‍යාංශය, රුසියාවේ සෞඛ්‍ය  අමාත්‍යාංශය සහ එම අමාත්‍යාංශයයේ වසංගත රෝග හා ක්ෂුද්‍රජීව විද්‍යා පිළිබඳ ගමලේයා පර්යේෂණ ආයතනය අතර ඉකුත් 29 දා පැවැති අන්තර්ජාල රැස්වීමකදී මේ බව දැනුම් දුන්නේයැයිද ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පෙන්වා දේ.
 
මෙම රැස්වීම සඳහා රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් පහසුකම් සපයා තිබිණි.
 
මෙම එන්නත නිෂ්පාදනය සඳහා භාවිතා කරන තාක්‍ෂණය, එහි ආරක්ෂාව සහ කාර්යක්ෂමතාව, සායනික අත්හදා බැලීම්වල ප්‍රතිඵල සහ අනුමත කිරීම්වල තත්ත්වය පිළිබඳව ඔවුහු සාකච්ඡා කළ බවද රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී.
 
වෛරසයේ වෙනස්වීම් පිළිබඳව මෙරටදී කරන ලද පර්යේෂණ සහ  මෙරට ප්‍රතිශක්තිකරණ වැඩසටහන පිළිබඳව ශ්‍රී ලංකා පාර්ශ්වය රුසියානු විශේෂඥයින් දැනුවත් කළේය.
 
අවශ්‍ය සියලු විද්‍යාත්මක දත්ත ශ්‍රී ලංකාව සමඟ බෙදාහදා ගැනීමට සූදානම් බවත්, ශ්‍රී ලංකා පාර්ශ්වයට පූර්ණ තොරතුරු පරාසයක් ලැබෙන බවට සහතික කිරීම සඳහා වැඩිදුර සාකච්ඡා මාලාවක් පැවැත්වීමට සූදානම් බවත් රුසියානු පාර්ශ්වය ඔවුන්ගේ වාරයේ දී සහතික විය.
 
ශ්‍රී ලංකාව වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය එස්.එච්. මුණසිංහ මහතා, වෛද්‍ය සේවා අතිරේක ලේකම් වෛද්‍ය සුනිල් ද අල්විස් මහතා, අතිරේක ලේකම් වෛද්‍ය එල්. සෝමතුංග මහතා, වසංගත රෝග විද්‍යාඥයින්, ක්ෂුද්‍රජීව විද්‍යාඥයින්, එන්නත් පිළිබඳ විද්‍යාඥයින්, වෛරස් විද්‍යාඥයින්, ප්‍රතිශක්ති විද්‍යාඥයින් සහ වෙනත් විශේෂඥයින් මීට එක් වූහ.



අදහස් (1)

ස්පුට්නික්-5 එන්නතේ කාර්යක්ෂමතාව ඉහළ බව රුසියානු බලධාරීහු දැනුම් දෙති

dhamneth Saturday, 02 January 2021 11:51 AM

මීට වසර දෙක තුනකට පෙර රුසියාවෙන් පිළිකාවට දෙන්න ගෙනා බෙහෙත් වර්ගයක් නිසි ප්‍රමිතියට නැතැයි කියා ප්‍රතික්ෂේප කළා නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 375 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 542 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 224 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site