මේ වසරේ දී මුහුදු මාර්ගවලින් ස්පාඤ්ඤයට පැමිණි සංක්‍රමණිකයන්ගේ සංඛ්‍යාව තෙගුණයකින් වැඩි වී ඇතැයි ස්පාඤ්ඤයේ සංක්‍රමණිකයන් සඳහා වූ කොමිසම සඳහන් කරයි.
පසුගිය වසර හා සැසඳීමේදී එම සංඛ්‍යාව තෙගුණයකින් වැඩි වී ඇතැයි ද වැඩිම සංක්‍රමණිකයන් පිරිසක් පැමිණ ඇත්තේ ඇල්ජීරියාව සහ මොරොක්කෝව යන රටවලින් යැයි වාර්තා සඳහන් කරයි. මුහුදු මාර්ග ඔස්සේ ස්පාඤ්ඤයට පැමිණීමට උත්සහා කළ පිරිස් අතුරින් 200කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ස්පාඤ්ඤය සංක්‍රමණිකයන් සඳහා ආරක්ෂාව සහ දේශපාලන රැකවරණ ලබාදීමේ අයිතිවාසිකම සුරකීම සඳහා ප්‍රතිඥා දී තිබෙන රටකි. සංක්‍රමණිකයන් සඳහා වූ කොමිසමක් පත් කර තිබෙන්නේ ද ඒ වෙනුවෙනි. එම කොමිසම වර්ෂ අවසානයේ නිවේදනයක් නිකුත් කරමින් එම ඉහත කරුණු ප්‍රකාශ කර තිබේ.
මුහුදු මාර්ග ඔස්සේ ස්පාඤ්ඤයේ දකුණු දිග තීරයට මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට දෙසැම්බර් 20 වැනිදා දක්වා කාලයේදී පැමිණ ඇත්තේ සංක්‍රමණිකයන්ගේ සංඛ්‍යාව 21,500කි. මෙම මුහුදු තීරය නැගෙනහිර යුරෝපීය සංක්‍රමණිකයන් අතර වඩාත් ප්‍රසිද්ධියට පත් මුහුදු තීරයකි. පසුගිය වසරේ එම කාලසීමාවේදී ස්පාඤ්ඤයට පැමිණි සංක්‍රමණිකයන්ගේ සංඛ්‍යාව 6,046කි.
බෝට්ටු මගින් හෝ වෙනත් ක්‍රමවේද ඔස්සේ ස්පාඤ්ඤයට පැමිණීමට උත්සහා කිරීමේදී මියගිය හෝ අතුරුදන් වූවනගේ සංඛ්‍යාව 223ක් බවත් පසුගිය වසරේදී එම සංඛ්‍යාව 95ක් වූ බවත් සංක්‍රමණිකයන් සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය සඳහන් කරයි.
(ඒ.එෆ්.පී 055)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජීවිත තර්ජනයක් එද්දී අසල්වැසි රටවල් ගණනාවක් පහුකරලා යුරෝපයේ රටකටම දුවන සරණාගතයෝ ඉන්නේ...
ඔවුන්ට ඒ සඳහා මිල ගෙවන්නට සිදු වෙයි අනාගතයේදී. ඔය සරණාගතයන් ලෝකයටම ඇණයක්. මුස්ලිම් අන්තවාදීන් මුස්ලිම් රටවල කලබල ඇති කරලා මුස්ලිම් පිරිස දියුණු රටවලට සරණාගතයන් ලෙස යවනවා. එතකොට එම රටවල මුස්ලිම් ජනගහනය වර්ධනය වෙනවා. ටික කාලයකට පස්සේ එම රට මුස්ලිම් කරන එ්ක තමයි අන්තවාදීන්ගේ සැලැස්ම. ඔය සරණාගතයන් සෞදි අරාබියට, කුවේටයට ඩුබායි වැනි දියුණු මුස්ලිම් රටවලට යවන්නේ නැත. ඇයි ඒ රටවල් දැනටම මුස්ලිම් නිසා. එ්ක මුස්ලිම් දියුණු රටක් එක සරණාගතයෙක් වත් බාරගන්නේ නැත. නමුත් මුස්ලිම් සරණාගතයින් මුස්ලිම් රට වලට යන්නේ නැත... ගියත් බාරගන්නේ නැත. ලණුව කන්නේ බටහිර රටවල් ටිකයි.