IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නුවරට යළි අගුළු දමයි

කොරෝනා වයිරසය නැවත වරක් වේගයෙන් පැතිර අවදානම සලකා බලමින් ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් අගනුවරට දැඩි සීමා පැනවීමටත් අගුළු දැමීමටත් එරට ආණ්ඩුව අද (1) පියවර ගත්තේ ය.

ඒ අනුව එම දැඩි සීමා ඉදිරි පැය 48 ඇතුළත ක්‍රියාත්මක වීමට නියමිත අතර මෙම සීමාවලට මැඩ්රිඩ් අගනුවර සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවල බලධාරීන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබේ.

අග්‍රාමාත්‍ය පෙද්‍රෝ සැන්චෙස්ගේ සමාජවාදී ආණ්ඩුව පසුගිය දින කිහිපයේදී කලාපීය සහ නගර බලධාරීන් සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වූ අතර දෙපාර්ශවය අතර දැඩි මතභේද ඇතිවිය. කොරෝනා වයිරසය වේගයෙන් පැතිරෙන ප්‍රදේශවලට දැඩි සීමා පැනවීම සඳහා ප්‍රාදේශීය සහ නගර බලධාරීන් සමඟ එකඟතාවක් ඇති කරගත් අග්‍රාමාත්‍ය පෙද්‍රෝ සැන්චේස් මහතා ඊයේ (30) පැවැසීය.

දැනට සීමා පැනවීමට පියවර ගෙන ඇත්තේ මැඩ්රිඩ් අගනුවරට පමණි.

මැඩ්රිඩ් නුවරින් ලක්ෂයකගෙන් 780 දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වීමේ අනුපාතයක් පෙන්නුම් කරන නමුත් ස්පාඤ්ඤයේ අනෙකුත් ප්‍රදේශවල එම අනුපාතය 100,000කට පුද්ගලයන් 300ක් බව පැවසේ. මැඩ්රිඩ් නුවර ප්‍රමුඛ ස්පාඤ්ඤයේ විවිධ නගර හා ප්‍රදේශවලින් කොරෝනා වයිරස ආසාදිතයන් වාර්තා වීමේ අනුපාතය යුරෝපා සංගමයට අයත් රටකින් වාර්තා වන ඉහළම අගය බව ද පැවසේ.


ඒ.එෆ්.පී.
(055)



අදහස් (0)

ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නුවරට යළි අගුළු දමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 713 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2383 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1748 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site