
ස්පාඤ්ඤයේ අගනුවර වන මැඩ්රිඩ් නගරයේ සිදුවූ පිපිරීමකින් නගර මධ්‍යයේ පිහිටි ගොඩනැගිල්ලක් කඩාවැටී ඇති අතර පුද්ගලයන් තිදෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ.
මියගොස් ඇත්තේ කාන්තාවක් සහ පිරිමින් දෙදෙනෙකි.
සිදුවූ අනතුරු වලින් තවත් කිහිප දෙනකු තුවාල ලබා ඇති බවත් එක් පුද්ගලයෙකු අතුරුදන්ව ඇති බවත් බලධාරීහු පවසති.
මහල් හතරකින් යුත් මෙම ගොඩනැගිල්ල ගෑස් කාන්දුවක් හේතුවෙන් පුපුරා යන්නට ඇතැයි නාගරික බලධාරීහු පවසති.
පුපුරා ගිය ගොඩනැගිල්ල කතෝලික සභාවට අයත් එකකි.
පිපිරීමෙන් පසු ගින්නක් ද හටගෙන ඇති අතර ගොඩනැගිල්ලේ මහල් හතරම විනාශ වී තිබේ.
(බීබීසී ඇසුරිණි)
085
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd