ස්පාඤ්ඤයේ ප්‍රබල දේශපාලනඥයකු වූ රීටා බාබරා (68) හෘදයාබාධයකින් මිය ගිය බව විදෙස් වාර්තා පවසයි.

ස්පාඤ්ඤ පාර්ලිමේන්තුවේ සෙනෙට් සභිකයකු ද වූ බාබරා ස්පාඤ්ඤයේ වැලෙන්සියා වෙරළබඩ නගරයේ නගරාධිපතිනියව සිටි සමයේ අක්‍රමවත් මූල්‍ය ගනුදෙනු සම්බන්ධයෙන් චෝදනාවලට ද ලක්විය.

ඇය එරට ජනතා පක්ෂය නියෝජනය කළ අතර 1991 සිට 2015 දක්වා සක්‍රීය දේශපාලනයේ යෙදී සිටියාය.