
ස්පාඤ්ඤයේ කොරෝනා වයිරසය පැතිරීම වැළැක්වීමේ කටයුතුවල සහායට හමුදාව කැඳවීමට තීරණය කර ඇති බව එරට අග්‍රාමාත්‍ය පෙද්රෝ සැන්චෙස් මහතා පවසයි.
ඒ අනුව ප්‍රදේශීය ආණ්ඩුවල සහායට හමුදා භටයින් 2000 ක් පමණ යෙදවීමට නියමිතය.
වයිරසය රට තුළ පැතිරීම ඉතා කණගාටුදායක කරුණක් බව ස්පාඤ්ඤ අගමැතිවයා සඳහන් කළේය.
යුරෝපයේ රටවලට දැඩි අගුලුදැමීමේ සීමා පැනවූ මාර්තු මස මැද භාගයේ පැවති තත්ත්වයට වඩා වත්මන් තත්ත්වය බොහෝ දුරගොස් ඇතැයි ඔහු පැවසීය.
ජනතාවගේ ජීවිත නැවත පාලනය කිරීමට කොරෝනා වසංගතයට ඉඩ නොහැරිය යුතු බව අගමැතිවරයා අවධාරණය කළේය.
ඒ අනුව කොරෝනා වයිරසයේ මෙම දෙවැනි පැතිරීම පාලනය කිරීමට හා වැළැක්වීම කටයුතු කළ යුතු බව ඔහු පෙන්වා දුන්නේය.
වයිරසය හේතුවෙන් ඇතිවී ඇති භීතිකාව ජන ජීවිතවල කටයුතු අඩපණ නොකරන බවට සහතික වන මෙන් අගමැතිවරයා ඉල්ලා සිටියේය.
මේ වන විට ස්පාඤ්ඤයෙන් වයිරසය ආසාදිත රෝගීන් 405000 කට වඩා වාර්තා වන අතර වෛරසය හේතුවෙන් සිදුවී ඇති මරණ සංඛ්‍යාව 28800 ඉක්මවයි.
-226-
(බීබීසී ඇසුරෙනි)
2025 නොවැම්බර් මස 04
715
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2386
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1749
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ස්පාඤ්ඤය කොරෝනා පාලනයට හමුදාව කැඳවයි
Rasika Saturday, 29 August 2020 03:10 PM
මෙන්න ස්පාඤ්ඤයේ හමුදාකරණය කරනවෝ... ලංකාවේ NGO කට්ටිය තාම දන්නේ නැද්ද?