සිය මොළයේ සැත්කමක් සිදුකෙරෙන පැය 12 ක කාලය අතරතුර සැක්සෆෝනය වාදනය කිරීමේ ඇදහිය නොහැකි සිදුවීමක් ස්පාඤ්ඤයෙන් වාර්තාවේ.
27 හැවිරිදි කාලෝස් ඇගුයිලේරා වෘත්තියෙන් සංගීතඥයෙකි. ඔහුගේ මොළයේ ඇතිවූ ගෙඩියක් ඉවත්කිරීමට සැත්කමකට භාජනය කෙරුණු අතර ස්පාඤ්ඤයේ මලාගාහි කාලෝස් හායා රෝහලේ දී සැත්කම සිදුකරන අතර කාලයේ ජෑස් සංගීතය කියවමින් ඔහුගේ ප්‍රේක්ෂකයන්වූ වෛද්‍යවරු හා කාර්ය මණ්ඩලයේ 16 දෙනකු සැක්සෆෝන් වාදනයෙන් පිනවා ඇත. බදාදා ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඇගුයිලේරා තමාගේ අසාමාන්‍ය සැත්කම පිළිබඳව විස්තර කළේය.
සංගීතයෙන් තොරව තමගේ කිසිවක් නැතැයි ඔහු කියා තිබිණි.
සැත්කම අතරතුර ඔහු සන්සුන්ව තම වාදනය කළ බවත් එයින් ඔහුගේ වේදනාව සංසිඳුණු බවත් කියයි. වෛද්‍යවරු සංගීත සටහන් ඔහුට පහසුවන පරිදි පෙනෙන්නට සලස්වමින් ඔහුගේ වාදනයට සහාය දුන් බවත් කියති.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවටද මේ ක්‍රමය ඉතා වැදගත්, පාර්ලිමේන්තුවේ සමහර අයගේ පමණක්, මොලේ ගෙඩි පමණක් අයින් නොකර සම්පුර්ණ අයින්කර , ඔලුව පමණක් ඉතිරි කර එවීමට දොස්තරවරු වග බලාගන්න ඕන . මොකද අපේ ගායක ගායිකාවන්ට කර ඇති නොපහත් කම් සහ යවල තියන තැන් දැක්කම.(බ)
මෙය බටහිර පිළිගත් ක්‍රමවේදයක් මොළයේ ගෙඩි ඉවත්කරන සැත්කම් වලදී. විශේෂයෙන්ම පෙනීම, කථනය වැනි ක්‍රියාවන්ට සම්බන්ධ කොටස් ආශ්‍රිතව සැත්කම කරනවිට වෛද්‍යවරුන්ට පහසු වෙනවා ක්‍රියාකාරී කොටස් වලට වෙන හානිය අවම කරගනිමින් ආසාදිත කොටස් ඉවත්කිරීමට. මෙහිදී ඔවුන් අවදියෙන් සිටින රෝගියාට කතාකරමින් සැත්කම අතරතුරදී මොළය වැඩකරන අයුරු පරික්ෂා කරනවා. (නි)
නිර්බිත මිනිසෙක්. (අ)
සංගීතයත් භාවනාවකි. සිත එකඟ කර ගත හැකි නම් වේදනාව මැඩලිය හැක. උත්සහ කර බලන්න. (අ)
අදහාගන්නත් අමාරුයි (නි)
ඔපරේෂන් එකට මෙය බාධාවක් නැද්ද? මොකද මොලය වැනි සංවේදී ඉන්ද්‍රියක් පරික්ෂණයට භාජනය කරන මෙවැනි අවස්ථාවකදී? (අ)