ස්පාඤ්ඤයේ බාසිලෝනා නගරයේ සිට වෙලන්සියා නගරයේ සංදර්ශනයක් නැරඹීමට ගොස් යළි එමින් තිබූ බසයක් අනතුරට ලක්වී එහි සිටි විදෙස් සිසුවියන් 13 දෙනකු මියගොස් 43 දෙනකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇමෙරිකා, හංගේරියා, ජර්මන්, ස්වීඩ්න්, නෝවේ, ස්විට්සර්ලන්ත, චෙක්, ඉතාලි, පේරු, බල්ගේරියා, පෝලන්තය, නවසීලන්තය, අයර්ලන්තය, පලස්තීනය, ජපානය හා යුක්රේනයට අයත් රවටලින් පැමිණි සිසු සිසුවියන් පිරිසක් මේ බසයේ සිටි බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

අධිවේගී මාර්ගයේ ආරක්ෂිත පැති වැටක වැදී මාර්ගයේ අනෙක් පැත්තට විසි වී ගොස් තවත් වාහනක ද වැදී අනතුර සිදුවී ඇත.

Bus-Accident