IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24) නියෝග කළේය. 

අධිකරණ නියෝගයත් සමඟ ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස් පවසා ඇත්තේ, බිරිඳ බොගෝනා ගෝමස්ට එල්ල වන එම චෝදනා මුල්කොට ගනිමින් අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වීම කෙරෙහි තම අවධානය යොමු වී ඇති බවය.

‘ධුරයෙන් ඉවත් වෙනවා ද නැද්ද යන්න සම්බන්ධයෙන් මා ඉදිරියේ දී තීරණයක් ගන්නවා.’ යැයි අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස් පවසා ඇත්තේ සිය එක්ස් ගිණුම ඔස්සේය. ධුරයෙන් ඉවත් වෙනවා ද නැද්ද යන්න තමන් ලබන සඳුදා දිනයේ ප්‍රකාශ කරන බව ද අග්‍රාමාත්‍ය සැන්චේස් අවධාරණය කර ඇති අතර, එතෙක් සියලු රජකාරි කටයුතුවලින් ඉවත් වන බව ද අග්‍රාමාත්‍යවරයා වැඩි දුරටත් පැහැදිලි කර තිබේ.

 (ඒ.එෆ්.පී.)



අදහස් (0)

ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 20 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site