ස්පාඤ්ඤයේ අගමැති මාරියානෝ රජොයිට එරට තරුණයකු ප්‍රහාරයක් එල්ල කිරීමෙන් ඔහුගේ වම් ඇස අවට ප්‍රදේශය ඉදිමී ඇතැයි විදෙස් වාර්තා කියයි.

ස්පාඤ්ඤයේ මහ මැතිවරණය ලබන සඳුදා පැවැත්වෙන අතර එහි ප්‍රචාරක කටයුතුවල යෙදී සිටියදී අගමැතිවරයාට මෙම ප්‍රහාරය එල්ලවී ඇත.

ස්පාඤ්ඤ අගමැතිට එරෙහිව දූෂණ චෝදනා එල්ලවී ඇති අතර 2011 වසරේදී ඔහු බලයට පත්විය. ප්‍රහාරය එල්ල කළ තරුණයා පැන යාමට උත්සාහ කළද එය ව්‍යර්ථ විණි. අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු පවසා සිටියේ මෙම ප්‍රහාරය පිළිබඳ තමන් සතුටු වන බවයි.

145028920151217mario_grande