
‘ආටිමිස් 2’ චන්ද්‍ර මෙහෙයුම යටතේ, ලබන 2024 වසරේ දී, සඳට යන ගගනගාමීන් සිවුදෙනා ලොවට හඳුන්වා දීමට නාසා ආයතනය කටයුතු කළේය.
‘ආටිමිස් 2’ චන්ද්‍ර මෙහෙයුමට සම්බන්ධ වන ගගනගාමීන් අතර කාන්තා ගගනගාමියෙක්, කළු ජාතික ගගනගාමියෙක් සහ කැනඩා අභ්‍යවකාශ ඒජන්සිය නියෝජනය කරන කැනඩා ජාතික ගගනගාමියෙක් ද සිටිති.
ඔවුන් රීඩ් වයිස්මන්, වික්ටර් ග්ලෝවර්, ක්‍රිස්ටිනා හැමෝක් කොෂ් සහ ජෙරමි හැන්සන්ය.
ක්‍රිස්ටිනා හැමෝක් කොෂ් මෙහෙයුමට එක්වන කාන්තාවය.
වික්ටර් ග්ලෝවර් මෙහෙයුමේ නියමුවා ලෙස කටයුතු කරයි. චන්ද්‍ර මෙහෙයුමකට එක් වන පළමු කළු ජාතික ගගනගාමියා වන්නේ ද මොහුය.
රීඩ් වයිස්මන් ‘ආටිමිස් 2’ මෙහෙයුමට නායකත්වය දෙයි.
ජෙරමි හැන්සන් කැනඩා අභ්‍යවකාශ ඒජන්සිය නියෝජනය කරයි.
යළි සඳට ගොස් සඳ ගවේෂණය පමණක් නොව, සඳේ ජනාවාස පිහිටුවීමේ ද අරමුණින්, නාසා ආයතනය මෙහෙයුම් මාලාවක් සැලැසුම් කර තිබේ. ‘ආටිමිස්’ යනුවෙන් හැඳින්වෙන්නේ එම චන්ද්‍ර මෙහෙයුම් මාලාවය.
ගගනගාමීන් සඳට ගෙන යෑම සහ ආපසු ගෙන්වා ගැනීම සිදු කරන්නේ ‘ඔරායන්’ නමැති චන්ද්‍ර යානයෙනි.
‘ආටිමිස් 2’ මෙහෙයුම ලබන 2024 දී ක්‍රියාවට නැංවෙන්නේ පසුගිය 2022 වසරේ සාර්ථක වුණු ‘ආටිමිස් 1’ මෙහෙයුමේ සාර්ථකත්වය නිසාය.
‘ආටිමිස් 1’ මෙහෙයුමේ දී ගගනගාමීන් නොමැතිව, නාසා ආයතනය ‘ඔරායන්’ චන්ද්‍ර යානය සඳ වටා යවා ආපසු ගෙන්වා ගත්තේය. එම අවස්ථාවේදී නාසා ආයතනය ‘ඔරායන්’ චන්ද්‍ර යානය සාර්ථකව අත්හදා බැලුවේය.
‘ආටිමිස් 2’ මෙහෙයුමේදී ද ගගනගාමීන් සඳට ගොඩබෑමක් කරන්නේ නැත. ඔවුන් සඳුගේ කක්ෂයට පිවිස, ආපසු පෘථිවියට පැමිණෙනු ඇත.
‘ආටිමිස් 2’ දින 10 ක මෙහෙයුමකි.
‘ආටිමිස් 2’ චන්ද්‍ර මෙහෙයුම යටතේ ගගනගාමීන් සඳුගේ කක්ෂයට යැවීම සිදුවන්නේ 1972 වසරේ සිදු කළ ‘ඇපලෝ 11’ චන්ද්‍ර මෙහෙයුම් අවසන් වී වසර 50 කට වඩා වැඩි කාලයකින් පසුව යැයි නාසා ආයතනය පෙන්වා දෙයි.
ගගනගාමින් සඳට පය තැබීම සිදු කරන්නේ ‘ආටිමිස් 3’ මෙහෙයුම යටතේය. එය සිදුවනු ඇත්තේ 2025 වසරෙන් පසුවය. එහිදී ඉතිහාසයේ පළමු වරට, කාන්තාව ගගනගාමියකු ද සඳට පය තබනු ඇත.
ලුසිත ජයමාන්න
ස්තුතිය - නාසා ආයතනයට

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවයින් වත් ආදර්ශ ගන්න. ජාති භේදයක් නැහැ. අපි ජාති භේදය මගින් රට අවුස්සා නැති කොට ඇත. සියල්ලම ශ්‍රී ලාංකිකයින් ලෙස සලකමු. දක්ෂයාට සහ අවංක කමට තැන දෙමු.
අඩෙ අප්පා....... කෝ බොල අපේ ගගනගාමියා. සුදුසුම ගගනයාගේ නම නැහැනේ.
මගේ ගෑනිත් එක්ක ගියානම්, "අනේ මේ ලගටම ආව එකේ, හදට බැහලා, පොඩ්ඩක් ඉදලම් යං " කියයි...... අනිවා.....
කළු මහත්තයා කමෙන්ට්, මම දන්නවා ඔයා එච්චර උගත් කෙනෙක් නෙවෙයි කියලා. ඒ ඔබ ඔබේ ජීවිතය වරදවා වටහාගෙන ඇත. ඔබේ ආදරණීය මව ට අන් අය බැන වැදීමට ඉඩ නොදෙන්න
මෙම මෙහෙයුම සමග ඔයාලගේ නම හඳට යවන්න පුළුවන් මයික්‍රෝ චිප් එකක .නාසා වෙබ් එකට ගියාම ඒකේ ඔයාලට රේගිස්ටර් වෙන්න පුළුවන් .ඒකේ කියන්නේ බෝඩින් පාස් එකක් කියලා .දැනට අවුරුදු 2-3 ක ඉඳන් එයාලා නම් එකතු කරා .තාම පුළුවන් ඇති උත්සාහ කරලා බලන්න
ඔයාලට කලින් චිචීගෙ රොකට් එක හඳට බැහැලා ලොකු වනාන්තරයක හෝටලයක් හදල ජනාවාස බිහි කලේ. ඕවා අපිට සුළු දේවල්.