සඳ මත හයවන වරට පා තැබූ මිනිසා වන ඇමරිකානු ගගනගාමී එඩ්ගා මිචෙල් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්ථා කරයි. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 85ක් විය. ඇමරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයේ සාත්තු නිවාසයකදී මියයන විට එඩ්ගා සඳමත පා තබා අවුරුදු 45ක් සම්පූර්ණ වීමට තව දිනයක් ඉතිරිව තිබූ බව ඔහුගේ පවුලේ සාමාජිකයන් සඳහන් කර ඇත.
1971 ඇපලෝ 14 යානයෙන් සඳමත පා තැබූ එඩ්ගා සඳමත අත්හදා බැලීම් සිදුකරමින් පැය නවයක් ගත කර ඇත. ඔහු මීටර් 365ක් සඳමත ගමන් කර ඇති අතර එය සඳ මත ඇවිදින ලද වැඩිම දුර ප්‍රමාණය ලෙස ඉතිහාස ගතවී ඇත. පරීක්ෂණ කටයුතු සඳහා චන්ද්‍ර පාෂාණ විශාල ප්‍රමාණයක් ද ඔහු ගෙනවිත් තිබුණු බව සඳහන් වේ.
සඳමත පා තබා ඇති අජටාකාශ ගාමීන් 12දෙනාගෙන් මේ වන විට එඩ්ගාත් සමග පස් දෙනෙක් මිය ගොස් ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොහු සඳ මත පා තැබුවත්, විශ්වයෙහි සැරි සැරුවත්, විශ්වය යනු කාගේ හෝ අගනා විශ්මිත නිර්මාණයක් බව ඔහුගේ විශ්වාසය විය. එය ඔහු ලියු "ද වේ ඔෆ් ද එක්ස්ප්ලෝරර්" පොතෙහි සඳහන් වෙයි. (ර)