(සුනිල් ආනන්ද පැරීසියේ සිට)
නුදුරු අනාගතයේදී සඳ මත ඉදිකෙරෙන අභ්‍යවකාශ පර්යේෂණ මධ්‍යස්ථානයක සිට අඟහරු ග්‍රහයා කරා ගගනගාමීන් පිටත් කර යවමින් අඟහරු ග්‍රහයා මත සිට විවිධ පර්යේෂණ කිරීමට අභ්‍යාවකාශගාමීහු සැලසුම් කරමින් සිටිති.
ඒ පිළිබඳ සමාලෝචනයක් පසුගියදා ප්‍රංශයේ තුලූස් නගරයේදී පැවැති අභ්‍යවකාශ විද්‍යාඥයින්ගේ ලෝක සම්මන්ත‍්‍රණයේදී ඉදිරිපත් කෙරිණ.
යුරෝපයේ අභ්‍යවකාශ නගරය ලෙස සැලකෙන පැරීසියේ සිට කි:මී: 680ක් දකුණු දිග ප‍්‍රංශයේ පිහිටි තුලූස් නගරයේදී පසුගියදා ලෝක අභ්‍යවකාශ ගවේශකයන්ගේ සංගමයේ 30 වැනි සම්මන්ත‍්‍රණය රටවල් 17ක අජටාකාශගාමීන් හා ගගනගාමීන් 100 ක සහභාගිත්වයෙන් සතිය පුරා අභ්‍යවකාශ විදයාඥයින්ගේ ලෝක සම්මන්ත‍්‍රණය පැවැත්විණි.
1985දී ආරම්භ වූ මෙම සංගමයේ ප‍්‍රථම සම්මන්ත‍්‍රණය ප‍්‍රංශයේදී පැවැත්වූ අතර ඉන්පසු හංගේරියාව, මෙක්සිකෝව, බල්ගේරියාව, සවුදි ආරාබිය, නෙදර්ලන්තය, ජර්මනිය, ඇමෙරිකාව, ඔස්ටි‍්‍රයාව, රුසියාව, පෝලන්තය, කැනඩාව, කොස්ටරිකාව, බෙල්ජියම, රුමේනියාව, ස්පාඤ්ඤය, කසකස්ථානය, ජපානය, ස්කොට්ලන්තය, චෙකෝස්ලෝවෙකියාව, මැලේසියාව, ස්වීඩනය, චීනය ආදී රටවල එක් එක් වසර වලදී පවත්වා ඇති අතර වසර 30 කට පසු මෙවර ප‍්‍රංශයේ තුලූස් නගරයේදී පැවැත් වීමට තෝරා ගත්තේය.
මේ සඳහා පෘථිවිය වටා අභ්‍යවකාශ යානයක එක් වරක් හෝ ගමන් කර ඇති අජටාකාශගාමීහු සහභාගි වූහ.
1970දී අභ්‍යවකාශ ගතවූ ඇමෙරිකා ජාතික ඔවෙන් ගැරියොට්ගේ සිට අභ්‍යවකාශයේ ස්ථාන ගත කර ඇති ජාත්‍යයන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ පරීක්ෂණ සිදුකර පසුගියදා පෘථිවියට පැමිණි 39 හැවිරිදි ප‍්‍රංශ ජාතික තෝර්මා පැස්කේ දක්වා පරම්පරාවට අයත් අජටාකාශගාමීහු බොහෝමයක් මෙම සම්මන්ත‍්‍රණයට සහභාගි වූහ.
සමුළුවේ ගෞරවනීය ආරාධිතයා ලෙස ලෝක සූර්ය බල ශක්තිය පිළිබඳ ව්‍යාපෘතියේ ප‍්‍රධානියාවූ ස්විස් ජාතික බර්ට‍්‍රන්ඩ් පිකාඩ් සහභාගි වූයේය.
මෙම සම්මන්ත‍්‍රණයේ දී නව ලෝකයන්හි ගවේශකයෝ හා අපේ පෘථිවියේ ග‍්‍රහයන් යන මැයෙන් ප‍්‍රංශයේ ජාතික අභ්‍යවකාශ අධ්‍යයන කේන්ද්‍රයේ සභාපති ලයනල් සුසෙට් මහතාද, අභ්‍යවකාශයේ නවතම පුවත් යන මැයෙන් සොචී නොගුචී මහතාද ජත්‍යයන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ප‍්‍රධාන ජයග‍්‍රහණ හා අභියෝග යන මැයෙන් ක‍්‍රිස්ටියන් ෆීචින්ගර් හා රයින් හෝල්ඩ් ඕවාල්ඩ් මහතාද චීන අභ්‍යවකාශ වැඩ සටහන හා අනාගතයේ එයාර් බස් ගුවන් යානා ව්‍යාපෘතිය යන මැයෙන් බොනී ඩන්බාර් යන අජටාකාශගාමීන් දේශන පැවැත් වුයේය.
සම්මන්ත‍්‍රණය පැවැත්වූ සතිය පුරා අජටාකාශගාමීන් සමඟ රාත‍්‍රී භෝජන සංග‍්‍රහයන්ට සහභාගි වීමේ දුර්ලභ අවස්ථාවක්ද සිවිල් ජනයාට ලබාදී තිබිණි.
ඒ සඳහා අයදුම්කරුවන් කුසපත් ඇද තෝරා ගත් පිරිස් ඉහත දින කිහිපයේදී භෝජන සංග‍්‍රහයට සහභාගි වීමේ වාසනාව ද ලැබුණේය.





2025 නොවැම්බර් මස 04
715
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2386
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1749
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සඳ මත සිට අඟහරු වෙත යන්න සැලසුම් සදති
sam Saturday, 04 November 2017 08:54 AM
කතරගම බස් අම්බලන්ගොඩ නවත්වලා පරණ මාළු පාන් කාලා යනවා වගේ. එහෙම නැත්නම් බදුල්ල බස් එක බලන්ගොඩ නවත්වලා පිළුණු කෑම කාලා යනවා වගේ. අනාගතයේදී අඟහරු යන කෙනෙකුට හඳේ නවත්වලා පරණ නොවෙච්ච, පිළුණු නොවෙච්ච කෑම වේලක් කාලා යන්න වාසනාව ලැබේවා !
jaya Monday, 06 November 2017 02:57 AM
සඳට තියෙන්නේ කිලෝමීටර් මිලියන කාලක්. අඟහරු වලට මිලියන 50 වැඩියි. අනික මාස 6 වඩා යන ගමනකට ඉස්සෙල්ල හඳේ ජනපදයක් පිහිටුවල අත්දැකීම් ලබා ගන්න එක හොඳයි.