සෝනියා ගාන්ධි හා රාහුල් ගාන්ධි දෙදෙනාට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි නියෝගයක් නිකුත්කැර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දියාවේ විපක්ෂය නියෝජනය කරන සෝනියා සහ රාහුල් දෙදෙනා ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ අරමුදල් අනිසි ලෙස භාවිතා කරන ලද බවට එල්ල වූ චෝදනාවක් හේතුවෙන් මේ නියෝගය නිකුත් කර ඇත.
ඉන්දීය රජයේ දේශපාලඥයකු විසින් මුදල් අනිසි භාවිතය සම්බන්ධ පෙත්සම අධිකරණයට ඉදිරිපත් කර තිබිණි. මුද්‍රණය නවතා දැමූ 'නැෂනල් හැරල්ඩ්' පුවත්පත් සමාගමට අයත් වත්කම් මිළදී ගැනීම සඳහා සෝනියා ගාන්ධි සහ රාහුල් ගාන්ධි විසින් කොංග්‍රස් පක්ෂයේ අරමුදල් භාවිතා කර ඇති බවට චෝදනා නගා ඇත.
එල්ල කෙරෙන චෝදනා සෝනියා ගාන්ධි සහ රාහුල් ගාන්ධි විසින් ප්‍රතික්ෂේප කළ බව ද මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දියාවේ ගාන්ධි සහ නේරු පවුලට අයත් සාමාජිකයකු හැත්තෑව දශකයෙන් පසු අධිකරණයක් ඉදිරියේ පෙනී සිටීමට නියමිත පළමු අවස්ථාව මෙයයි. පසුගිය වසරේ පැවති මහ මැතිවරණයෙන් කොංග්‍රස් පක්ෂය පරාජයට පත් විය.
මැතිවරණයෙන් විශාල ජයග්‍රහණයක් ලබා ගැනීමට භාරතීය ජනතා පක්ෂය සමත් විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාව අපෙන් ආදර්ශ අරගෙන (අ)