IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


සෝනියා, රාහුල් අධිකරණයට

සෝනියා ගාන්ධි හා රාහුල් ගාන්ධි දෙදෙනාට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි නියෝගයක් නිකුත්කැර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දියාවේ විපක්ෂය නියෝජනය කරන සෝනියා සහ රාහුල් දෙදෙනා ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ අරමුදල් අනිසි ලෙස භාවිතා කරන ලද බවට එල්ල වූ චෝදනාවක් හේතුවෙන් මේ නියෝගය නිකුත් කර ඇත.

ඉන්දීය රජයේ දේශපාලඥයකු විසින් මුදල් අනිසි භාවිතය සම්බන්ධ පෙත්සම අධිකරණයට ඉදිරිපත් කර තිබිණි. මුද්‍රණය නවතා දැමූ 'නැෂනල් හැරල්ඩ්' පුවත්පත් සමාගමට අයත් වත්කම් මිළදී ගැනීම සඳහා සෝනියා ගාන්ධි සහ රාහුල් ගාන්ධි විසින් කොංග්‍රස් පක්ෂයේ අරමුදල් භාවිතා කර ඇති බවට චෝදනා නගා ඇත.

එල්ල කෙරෙන චෝදනා සෝනියා ගාන්ධි සහ රාහුල් ගාන්ධි විසින් ප්‍රතික්ෂේප කළ බව ද මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දියාවේ ගාන්ධි සහ නේරු පවුලට අයත් සාමාජිකයකු හැත්තෑව දශකයෙන් පසු අධිකරණයක් ඉදිරියේ පෙනී සිටීමට නියමිත පළමු අවස්ථාව මෙයයි. පසුගිය වසරේ පැවති මහ මැතිවරණයෙන් කොංග්‍රස් පක්ෂය පරාජයට පත් විය.

මැතිවරණයෙන් විශාල ජයග්‍රහණයක් ලබා ගැනීමට භාරතීය ජනතා පක්ෂය සමත් විය.



අදහස් (0)

සෝනියා, රාහුල් අධිකරණයට

සමන්ත Wednesday, 09 December 2015 01:15 PM

ඉන්දියාව අපෙන් ආදර්ශ අරගෙන (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 512 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2249 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1682 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site