ජපානයේ නව අග්‍රාමාත්‍යවරිය ලෙස සනායි තකයිචි, එරට පාලක ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නව නායිකාව අද (21) දිවුරුම් දෙයි.

නව කැබිනට් මණ්ඩලයක් පිහිටුවීමට සනායි තකයිචි ට ඉඩදී, වත්මන් ජපාන අගමැති ෂිගෙරු ඉෂිබාගේ සමස්ත කැබිනට් මණ්ඩලයම ඉල්ලා අස්වුණු බව ද පැවැ​සෙයි. ඉෂිබා ද සිය ඉල්ලා අස්වීම බාරදුන් බව පැවැසෙයි.

ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිවන්නේ පාලක පක්ෂයේ නායකයා හෝ නායිකාවටය. සනායි තකයිචි, පක්ෂ නායකත්වයට පත් වූයේ පක්ෂ සාමාජිකයන්ගේ ඡන්දයෙනි. අද (21), පාර්ලිමේන්තුවේ විශේෂ සැසියක් සහ ඡන්ද විමසුමක් ද පැවැත්වෙයි.

එම  විශේෂ සැසියේ දී, අගමැති ධුරය සඳහා ඡන්ද විමසීම සිදුවන අතර, එමඟින් තකයිචි, ඉල්ලා අස්වූ ෂිගෙරු ඉෂිබා වෙනුවට ආදේශ කිරීමට නියමිතය.