ඊජිප්තු සීනායි අර්ධද්වීපයේ මෙහෙයුම් වලදී සන්නද්ධ සටන්කරුවන් සමඟ ඇතිවූ ගැටුම් වලින් ආරක්ෂක නිලධාරියකු ඇතුළු අඩුම තරමින් හත් දෙනෙකු මියගොස් ඇතැයි බලධරයෝ කියති.
මීට පෙර ද ඇතිවු ගැටුම් වලින් හමුදාවේ 59 දෙනෙකු මිය ගිය බවත් තවත් 142 දෙනෙකු අත්අඩංගුවට ගත් බව එරට හමුදාව අද (22) නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
බස්නාහිර කාන්තාරය තුළ තිබූ ආයුධ සහ උණ්ඩ සහිත වාහන 56 ක් ගුවන් හමුදාව විසින් විනාශ කර ඇත. දකුණු හා ඊසානදිග දේශසීමා ප්‍රදේශයෙන් පුපුරණ ද්‍රව්‍ය 242 ක් සොයා ගෙන තිබේ.
ඊජිප්තුවේ දේශ සීමාව හරහා නීතිවිරෝධී ලෙස ඇතුළු වීමට තැත් කළ විවිධ ජාතීන්ට අයත් පුද්ගලයින් 2,189 දෙනෙකුගේ උත්සහය ව්‍යාර්ථ විය.
(28535)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd