ඉතාලියේ නාපොලි නගරයේ දාන්තේ චතුරස්‍රයේ දී පසුගිය දා මුහුරත් උලෙළක් පැවැත්විණි. නව සිනමාපටය 'සිඛී' නම් වෙයි. සූවිසි බුදුවරයන් වහන්සේලා අතුරින් 'සිඛී' එක් බුදුවරයෙකි. තිරකතා රචකයා ද අධ්‍යක්ෂද තුෂාර රත්නායක යි. මීට පෙර 'සාල්දි' නම් සිනමාපටයක් ද තුෂාර රත්නායක විසින් නිපැයිණි. 'සුරාසුර 'ටෙලි නාට්‍යයේ තුෂාර සහාය අධ්‍යක්ෂකය.

'සිඛී' සිනමාපටය සිංහල ද ඉතාලි ද යන දෙබසින් ම සංවාද ඇති ද්විභාෂා කෘතියකි. ඉතාලිවාසී ලක් වැසියන් ගේ දුක් වේදනා සන්නිවේදනය මෙහි එක් අරමුණකි. සිනමාව බහුල ව රූගත කරනුයේ නාපොලියේ ය.

ඉතාලිවාසී ලක්වැසියන් ගේ දිවිය හිම සළු පොරවාගත් විසූවියස් ගිනිගිර හා සම යැයි තුෂාර කියයි. ඇතුළත කැකෑරෙන මහ ගින්න හිම වැස්මකින් වහන්කරගෙන ලක්වැසියෝ විදේසයේ ළතවති යි තුශාර පවසයි.බුදුදසුනේ එන කරුණා සංකල්පය යුරෝපයට දායාද කිරීම තම අරමුණ වග තුශාර හෙළිකරයි.ඉතාලි ජාතික ද සිංහළ ජාතික ද දෙමළ ජාතික ද නළුනිළියෝ පසළොසක් පමණ දෙනා මෙහි රංග දායක වෙති.

සෙල්ලක්කාර ඉතාලි තරුණියක ගේ යටිමනස බුදු දසුනේ ඇසුරින් පෙරැළෙන අයුර සිනමා කෘතියෙන් ඉතා සියුම් ව සංනිවේදන කරයි.ඇය මෙහෙන වරය ලැබීමෙන් කතාව නිම වේ.

මිලාන් රන්ජන්කුමාර ,ලූනා ෆිත්තිෆාල්දි, මූලික චරිත පණගන්නති.අනුරසිරි වැලිකන්ද,රූපිකා උඩුවිට,ක්රිස්තියානෝ පොන්තිචෙල්ලි,වසන්ත වර්ණකුල ,පැට්රික් ඩයස්,රෙජිනෝල්ඩ් රුද්රිගු,රවීනා වික්රම,පද්මසිරි කුරුකුලසූරිය,මැණිකේ රත්නායක,සංජය කළුපහන,රමික ප්රසන්න ආදීහු සෙසු චරිත හොබවති.සිනමා කෘතියේ මූලික සංකල්පය රෝම විහාරවාසී දඹදෙනියේ ධම්මාරාම හිමියන් ගේ ය.සහාය අධ්‍යක්ෂිකා මාධිකා බැබිලේ ය.

Web_2015107UFAbc,cYf7N2Y2OaLiMOnULrbJo_KfUGag-DNX1MsIkuNhxMg