බැංකොක්හිදීය (රොයිටර්)

වසර 2004 දී ආසියානු කලාපයේ රටවලට බලපෑ සුනාමියෙන් මියගිය 400කගේ අනන්‍යතාව තවමත් හඳුනා ගෙන නැතැයි තායිලන්ත පොලිසිය සඳහන් කරයි.

මීට වසර 12කට පෙර ආසියානු කලාපයට බලපෑ සුනාමි ව්‍යවසනයෙන් 226,000ක් ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ. 

වසර 2004 දෙසැම්බර් 26 වැනිදා රික්ටර් මාපකාංක 9.15ක භූ කම්පනයෙන් ඉන්දියානු සාගරය පුරා සුනාමි තත්ත්වයක් ඇති වූ අතර එය ඉතිහාසයේ සිදු වූ විශාලතම ස්වභාවික ව්‍යවසනයක් ලෙස සැලකෙයි. 

තායිලන්තය, ඉන්දුනීසියාව, ඉන්දියාව හා ශ්‍රී ලංකාව සුනාමියෙන් වැඩිම බලපෑමක් සිදු වූ රටවල් ලෙස සැලකෙයි. සුනාමි ව්‍යවසනයෙන් තායිලන්තයේ පමණක් මියගිය සංඛ්‍යාව 5,395ක් වන අතර එයින් 2000කට ආසන්න පිරිසක් විදේශිකයෝය.