මහත්මා ගතිගුණ වලින් පිරුණු අවසාන කළණ මිතුරාත් මට අහිමි විය. විවිධ වර්ණ වලින් පිරි අලංකාර මල් යායක් මැද නිසලව අවසන් ගමනට සැතපුණු දේහයේ අත පිරි මදිමින් ලෝ සුපතල ශ්‍රී ලංකාවට ආදරය කරමින් එහි ජීවත්වූ කීර්තිමත් විදුදර ආතර් සී කලාක් මහතා 2004 සැප්තැම්බර් 30 වැනිදා ලොව ජයගත් ශ්‍රී ලංකාවේ සිනමා සක්විති  ලෙස විරුදාවලියෙන් පිදුම් ලැබූ ගාමිණී ෆොන්සේකාගේ අවසන් ගමනේදි කිව් බවත් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ගාමිණීගේ හිස අත ගාමින් කඳුළු වලින් තාත්තගේ හිස් මුදුන තෙත් කළ බවත් ඔහුගේ එකම පුත් දමිත් ෆොන්සේකා කීවේය.

ආචාර්ය ලෙස්ටර් හා ආතර් සී ක්ලාක් මහත්වරුන් ප‍්‍රධාන අනුසාශකවරුන් ලෙස පත්කර ජීවතුන් අතර නොමැති තාත්තාගේ නාමය ආරක්ෂා කිරීමට ගාමිණී ෆොන්සේකා පදනම පිහිටුවා ගෙන ඔහු වෙළෙන්ඳන්ගෙන් ආරක්ෂා කිරීමට කටයුතු කරන බව සීගිරි පර්වතයට නුදුරින් කිඹිස්ස මංසන්දියේ ටී.බී. තෙන්නකෝන් මාවතේ පිහිටි රතුළුණු වගාවෙන් පිරුණු පලතුරු වත්තක ප‍්‍රසිද්ධ වේදිකා හා සිනමා නිළියක්වූ ශ‍්‍රියා කළුබෝවිල පවත්වා ගෙන යන බනානා රෙස්ට් ගිමන් හලේදී නිවාඩුවට ශ්‍රී ලංකාවට පැමිණ සිටියදී ගාමිණී ෆොන්සේකාගේ එකම පුත් දමිත් ෆොන්සේකා අහම්බෙන් මෙන් හමුවූ පසුගිය දිනක මා සමග පැවසුවේය.

පෙරදින රාත‍්‍රියේත් පසු දිනත් ශ‍්‍රියා අක්කාගේ අතින් පිළියෙළ කළ මිරිස් මාළු හා සම්බෝල සමග බිත්තර ආප්ප රස විඳිමින් උදේ වරුවත් සක්විති රජු සමග ජීවත් වීමට වාසනාව ලැබුණෙමි. චන්ඩි ශ්‍යාමා චිත‍්‍රපටියේ ගාමිණී ෆොන්සේකා සමග හා සුභ සහ යස නාට්‍යයේ සයිමන් නවගත්තේගම සමග නර්තනය ඇතුළත් සුදු කළු රූප රාමු බනානා ගිමන් හලේ පසෙකින් පේළියට සිටුවා ඇත්තේය.

එම රූප රාමු පෙන්වමින් උගුරැස්ස, දෙළුම්, දිවුල්, අඹ, ලාවුළු, කජු වලින් පිරි බනානා වත්තේ දැවැන්ත කජු ගසක් උඩ පොල් අතු සෙවිලි කළ පැලට වල් අලින්ගෙන් බේරීමට නගින බව කියමින් ශ‍්‍රියා අක්කා විසින් ගාමිණීගේ අතීතය අලුත් කරයි.

ජාත්‍යන්තර යුනේස්කෝ සංවිධානය විසින් අනුමත ලෝකයේ වටිනාම සංරක්ෂණ චිත‍්‍රපට අතරට නිධානය චිත‍්‍රපටයද අයත් බව දමිත් කීවේය.

මෙම ප‍්‍රතිභාපූර්ණ දැවැන්ත නළුවාගේ නිධානයේ රගපෑම් ගැන ලෝක ප‍්‍රකට සිනමා විනිසුරුවරුන් පුදුමවූ බව ලෙස්ටර් පැවැසූ අපූරු කථාවක්ද ඒ අතරට එකතු වුයේය. එවැනි වටිනා සිහිවටන කාලයක් ලබා දුන් දමිත් ෆොන්සේකාට හා ශ‍්‍රියා කළුබෝවිලට  ප‍්‍රථමයෙන් මගේ ප‍්‍රණාමය පුද කර සිටිමි.

දමිත් මා සමග බොහෝ දේ පැවසුවේය. විවේචනය කළේය. විස්තර කළේය. පැහැදිලි කළේය. චිත‍්‍රපට දල සේයා පට ගැන රසායන හා භෞතික විෂයන් ඇසුරෙන් දල සේයා පට සංරක්ෂණය ගැන කරුණු පැහැදිලි කළේය. චිත‍්‍රපට සංස්ථාව ගැන කලකිරුනු කතා කීවේය. තාත්තා ගැන හා පවුලේ විස්තර කථා කළේය. සිහිවටන සිහිපත් කළේය. සමහරක් දෙසවනට මිහිරකි. සමහරක් දෙසවනට අමිහිරිය. එසේ නමුදු සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා ගැන බෙහෝ දේ ලියැවී ඇත්තේය.

විචාරකයෝ, රසිකයෝ, ලේඛකයෝ, කතුවරුන්, උගතුන් ආදි ලෙස බොහෝ දෙනා ඔහු ගැන සටහන් තබා ඇත්තේය. එබැවින් ගාමිණී ෆොන්සේකා ගැන අමුතුවෙන් ලිවීම මෙම ලිපිය විශාල වීමකි.

එනමුදු ඔහුගේ නාමය රැකගැනීම උදෙසා ප‍්‍රංශ සටනක් එකතුවී තිබීමත්, දමිත්ගේ හමුවීමත් දෛවයේ ඉරණමක්ද යන්න නොදනී. කෙසේ නමුදු ගාමිණී සම්බන්ධ ප‍්‍රංශ සටන ඇරඹෙන්නේ මෙසේය.

ගාමිණි ෆොන්සේකාගේ ජීවිතය ඇරඹෙන්නේ දෙහිවල ග‍්‍රාමයෙන්ය . එම ප‍්‍රදේශයේ හිල් වීදිය නමින් ප‍්‍රසිද්ධ වීදියක් ඇත්තේය. ඔහුට කරන ගෞරවයක් ලෙස එම වීදිය ඔහුගේ නමින් නම් කරන ලෙස ප‍්‍රථම වතාවට පැරීසියෙන් ලිඛිත ඉල්ලීමක් කළේය. 2007 මැයි මස සිට 2015 දක්වා අමාත්‍යාංශ, පලාත් සභා, ප‍්‍රාදේශීය සභා, නගර සභා, ජනාධිපති දක්වා හුවමාරුවූ ලිපි ගනන 23කි. එහි ප‍්‍රතිඵලයක් ලෙස තීන්දු තීරණ වලින් පසු හිල් වීදිය ගාමිණි ෆොන්සේකා නමින් ප‍්‍රසිද්ධ කිරීමට ප‍්‍රභූවරුන් එක් රැස්වෙන උත්සවයක්ද සංවිධානය විය. චන්ද්‍රරත්න මාපිටිගමගේ  අත් අකුරින් ලියු ගීතයකට නවරත්න ගමගේ සංගීතය සැපයූ ජනප‍්‍රිය ගායක අමරසිරි පීරිස් ගයන ගාමිණි ෆොන්සේකා උපහාර ගීතයක්ද නිර්මාණය කෙරිණි. දහසක් කලාකරුවන් අතරින් මහේන්ද්‍ර පෙරේරා, මියුරී සමරසිංහ, පාලිත සිල්වා, සුදත් රෝහණ ආදීන් මේ සදහා බොහෝ වෙහෙස මහන්සි වුහ. පුවත් පත්වල තීරු ලිපි පළවිය. මේ සියලූදේ වලින් පසු බලධාරීන්ගේ තීන්දු හේතුවෙන් එවැනි උත්සවයක් නොපැවැත්විණි.

ශත වර්ෂ ගනනාවකට පෙර ඩී. බී. ජයතිලක මාවත ලෙස හිල් වීදිය හැඳින්වූ බව ප‍්‍රකාශ කරමින් හිල් වීදියට ජයතිලක කථාවක් එකතු කොට ගාමිණීගේ හිල් මාවතේ ඉල්ලීම ඉවත දමා ඇත්තේය.

මං මාවත්, පාසැල් විද්‍යාගාර, ගුවන් තොටුපොලවල්, වරායවල් ආදී මෙකී නොකී සියලූදේ දේශපාලනඥයන්ගේ නම් වලින් නම් කර ඇති ශී‍්‍ර ලංකාවේ එහි උපන් සිනමා සක්විති ආචාර්ය පදවියත් සතුටින් ප‍්‍රතික්ෂේප කළේය. ගාමිණී ෆොන්සේකාට පාරක් ලබා ගැනීම ඉබ්බාගෙන් පිහාටු ඉල්ලන තරමට පත්වීම රටේ අවාසනාවක්ද? කලාවේ අවාසනාවක්ද? එසේත් නොමැති නම් වෙනත් හේතුවක්ද යන්න පාඨකයන් තීරනය කළ යුතුවේ.

කිංස්ලි මොහාන් මහතා පැරීසියේදි මම මුණගැසී විමසුවෙමි. ඔහු සියල්ල පැහැදිලි කළේය. මම අසා සිටියෙමි. අවබෝධ කර ගත්තේමි. මව්බිම ගැන කළකිරුනෙමි. ලංකාවෙන් නොලැබුනොත් පැරීසියෙන් හෝ පාරක් ඉල්ලන බව කිංග්ස්ලි කීවේය. එසේ වුවොත් ලංකාවෙන් නොලැබීමට හේතුව ප‍්‍රංශ රජයට දැන්වීමට සිදුවන බවද ඔහු කීවේය.

ශ්‍රී ලංකාවේ සිටි සිනමා සක්විතිට ආශ්චර්යයෙන් යහපාලනයට සංක‍්‍රමණයවූ ශ්‍රී ලංකාවේ අද පාරක් නොමැත. ලෝකයේ සුන්දර නගරයක් ලෙස සැලකෙන පැරීසියේ මං මාවත් ගාමිණී ෆොන්සේකා මෙන් ප‍්‍රංශයේ ජනප‍්‍රිය පුද්ගලයන්ගේ නම් වලින් වර්ණවත් වන්නේය. එම නිසා ගාමිණි සඳහා පැරීසියේ ඉල්ලීමට විශේෂ ස්ථානයක් හිමිවේ. තාත්තගේ පාරේ සටන අත් නොහරින බව  පැරීසියේ ජීවත් වෙමින් එම යේජනාව ඉදිරිපත් කළ කිංස්ලි මොහාන් බලාපොරොත්තු සහිත හැඟීමෙන් කී බව දමිත් කීවේය.

‘තාත්තට ලංකාවේ පාරක් ලබා ගැනීමට ගාමිණී ෆොන්සේකා පදනමින් ඉල්ලීමක් කළේ නැද්දැයි‘ මම ප‍්‍රශ්න කළෙමි. ‘අපෝ නැහැ ඒක මොන තරම් ලැජ්ජා නැති වැඩක්ද‘ සැප්තැම්බර් 30 වැනිදාට යෙදී ඇති තාත්තගේ 11 වැනි අනුස්මරණ දිනයට පූජා කිරීමට අටපිරිකරකුත්  දීලා නිවාඩුවට පැමිණි  කිංග්ස්ලි මොහාන් ගිය සතියේ පැරීසිය බලා ගිය බව දමිත් ෆොන්සේකා කීවේය. ඔහුගෙන් සමුගත් මම අනුරාධපුරය බලා ගියේය.

sunil_2015928_ sunil_2015928_2 sunil_2015928_3

උපහාර ගීතය