ඉන්දුනීසියාවේ සිනබුන්ග් ගිනි කන්ද නැවත වරක් කි‍්‍රයාකාරීවීමට පටන්ගෙන තිබේ.
වසර 400 ක නිහැඩියාවකින් පසු පසුගිය 2010 වසරේ කි‍්‍රයාකාරීවීම ආරම්භ කළ සිනබුන්ග් එදා සිට අද දිනය දක්වාම වරින් වර කි‍්‍රයාකාරීව නිහඬ වීම සිදුකරයි.
පසුගියදා නැවත වරක් කි‍්‍රයාකාරීවූ සිනබුන්ග් ගේ දුම් වලා අතරින් විදුලි කොටන අයුරුත් දැකගත හැකිවිය.විද්‍යාඥයින් පවසන්නේ දුම් වල ඇති අළු හා සුළං එකිනෙක මුසුවීමෙන් ඇතිවන ස්ථිති විද්‍යුත් බල නිසා මෙසේ විදුලි කෙටීම් ඇතිවන බවය.
බිහිසුණු වුවත් එය සිත්ඇදගන්නා දසුනක් මවා පෑයේය.
ගිනි කන්දෙන් ගලා යන ලාවා හා විසිර යන අළු මුළු ප‍්‍රදේශයම වසාගෙන ඇත.පෙර ගිනි කන්ද අවට තිබූ ගම්මාන සියල්ලකම සිටි වැසියෝ මේ වන විට සිටින්නේ වෙනත් ප‍්‍රදේශවල පදිංචිවීය.
මෙම ඇතැම් ප‍්‍රදේශ වල අඩි 3 ක් පමණ උසට අළු පතනයව ඇත.කෙත්වතු හා කුඹුරු ඉඩම් රාශියක් සම්පූර්ණයෙන්ම අත්හැර දමා තිබෙනුද දැක ගත හැකිය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර හතරවෙනි රූපයේ බෑවුම හරියෙන් අපේ රටේ ඉන්න සමහර දේශපාලකයෝ නොමිලයේ පදිංචි කරවන්න හැකි නම් මට ඒ පිනම ඇති (නි)