
භූමි කම්පාවෙන් බිමට සමතලා වුණු නිවසක සුන්බුන් අතරින් හමුවුණු අලුත උපන් බිලිඳිය යහතින් පසුවන බවත් ඇයට නම් තැබීම සිදුවුණු බවත්, අලුත් මාපියන් හමුවුණු බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සිරියාවේ ජෙන්ඩිරිස් නගරයේ නිවසක සුන්බුන් අතරින්, මෙම බිලිඳිය හමුවෙද්දී ඇය පෙකණිවැල මගින් මියගොස් සිටි මවට සම්බන්ධ වී සිටියාය.
ඇගේ මව පමණක් නොව, පියා ද සුන්බුන් අතරේ මියගොස් සිටියේය. බිලිඳියට නම් තබා ඇත්තේ ‘ආයා’ යනුවෙනි. ‘ආයා’ යන්නෙහි අර්ථය ‘හාස්කම’ යනුවෙනි.
බිලිඳිය බාර ගැනීමට ඇගේ පියාගේ සොහොයුරා ඉදිරිපත් වී ඇතැයි සිරියානු මාධ්‍ය වාර්තා කර තිබේ.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අපිට දෙනවා නම්...!