චීනයේ ෂිචුවාන් පළාතේ ලූෂාන් දිස්ති‍්‍රක්කයේ යාන් නමැති නගරය කැළැඹූ අති ප‍්‍රබල භූමි කම්පාවෙන් පැය 24 කට පසු සුන්බුන් අතර සිර වී සිටි තෙමස් බිළිඳකු බේරා ගැනීමට හමුදා සෙබළුන්ට හැකි විය.
බිළිඳා යහතින් සිටි බවත්, බිළිඳාගේ මව සුන්බුන්වලට හිර වීමෙන් මිය ගොස් සිටි බවත් හමුදා සෙබළු පවසති. එම බිළිඳාට වෛද්‍ය ප‍්‍රතිකාර ලැබුණු බව ද වාර්තා වේ.
රික්ටර් පරිමාණයේ ඒකක 6.6 ක් සටහන් කළ එම භූමි කම්පාවෙන් 160 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 6,700කි. සුන්බුන් අතර සිර වූවන් සෙවීමේ කටයුතු මේ වන විටත් සිදු වෙමින් පවතී. චෙන්ඩූ සහ චොංක්වින්ග් යන නගරවලටත් භූමිකම්පාවෙන් දැඩි හානි සිදු විය. භූමිකම්පාවෙන් පසුව පසුකම්පන 1,100ක් පමණ හට ගත් බව චීන භූවිද්‍යාඥයෝ ප‍්‍රකාශ කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව් පොඩි දරුවා අම්මා නැතුව ? (නි)
අම්මා නැතිව මොන වාසනාවක්ද? (නි)
එසැණ පුවත් අතර, ආසා හිතෙන පුවතක්. (නි)
ගිය ආත්මේ කරපු ලොකු පිනක් තමයි ඔය. (නි)
අගක් හොයන්න බැරි මුලක් හොයන්න බැරි සංසාරේ දුක පමණයි. (නි)
අනේ වාසනාවන්. ඒක තමයි කියන්නේ වෙලාව එනකන්ම ඉන්න ඕනෑ කියලා. මැරෙන්න තියෙනවා නම් භූමිකම්පා නෙවෙයි ගෙදර හිටියත් එක සිද්ධ වෙනවා. (නි)