ක්වොන්ටම් තාක්ෂණය ආධාරයෙන් එකිනෙකා අතර සන්නිවේදනය කළ හැකි වේගවත් එමෙන්ම අතිශයින් ආරක්ෂිත ක්‍රමවේදයක් හඳුන්වාදීමට ඇමරිකා ගුවන් හා ගඟන පර්යේෂණායතනයේ (නාසා) හා තවත් ආයතනයන් කිහිපයක විද්‍යාඥයෝ සමත්ව සිටිති.
ක්වොන්ටම් භෞතික විද්‍යාවේදී වස්තූන්ගේ අංශුමය ගුණය සම්බන්ධයෙන් සොයාබැලේ.ඒ අනුව මෙහිදී පර්යේෂක පිරිස සිදුකර ඇත්තේ ආලෝකයේ ඇති අංශු, එනම් පෝටෝන ස්ථාන දෙකක් අතර තොරතුරු හුවමාරු කර ගැනීමට යොදාගත හැකිදැයි සම්බන්ධයෙන් පර්යේෂණ කිරීමයි.
සම්පූර්ණ ආලෝක කදම්භයක් යොදාගෙන තොරතුරු හුවමාරු කරගැනීම දැනටමත් ලොව භාවිතයේ පවතී.එවන් ආලෝක කදම්භයක් සමන්විත වන පොටෝනයන් එක එකක් බැගින් වෙන්කරගෙන පෝටෝන යොදාගෙන තොරතුරු හුවමාරු කර ගැනීමට මේ විද්‍යාඥ පිරිස උත්සාහ කර තිබේ.
උත්සාහය සාර්ථක කරමින් එක් තනි පොටෝනයක් කිලෝමීටර 25 ක පමණ දුරකට යැවීමට ඔවුන්ට හැකිව ඇත.
කෙසේවුවත් මේ නව සොයාගැනීම මහා පරිමානයෙන් භාවිතයට ගැනීමට නම් ඉදිරියට තවත් පර්යේෂණ කටයුතු සිදුකළ යුතු බව පර්යේෂක පිරිස කියති.මෙය තොරතුරු හුවමාරු කරගැනීමේ හා සන්නිවේදන තාක්ෂණයේ නව පෙරළියක් සිදුකරන බවට සහතික යැයි ඔවුහු පවසති.
මෙම තාක්ෂණයේ තවත් විශේෂ ලක්ෂණයක් වන්නේ ‘ඒ‘ ස්ථානයේ සිටින තැනැත්තාට ‘බී‘ ස්ථානයේ සිටින තැනැත්තා පෝටෝන පණිවුඩයක් එවුවද එය ‘ඒ‘ ස්ථානයේ සිටින තැනැත්තාටද එකවර තේරුම්ගත නොහැකිවීමයි.පණිවුඩය තේරුම් ගැනීමේ ‘යතුර‘ ඇත්තේ ‘බී‘ ළග වන අතර පණිවුඩය තේරුම් ගැනීම සදහා එම යතුර ‘ඒ‘ වෙත යැවිය යුතුවේ.මේ ‘යතුරු‘ යැවීමේ ක්‍රමවේදය දෙවන ලෝක යුධ සමයේදී ජර්මන් ජාතිකයින් භාවිතා කළ එනිග්මා පණිවුඩ හුවමාරු යන්ත්‍රයේ තාක්ෂණයට සමවන අතර නමුත් එයට වඩා ආරක්ෂාව අතින් ඉහළය.
මෙනිසා මෙම නව තාක්ෂණය හමුදාවන්, බැංකු, රජයන්, ආදී ආරක්ෂිත තොරතුරු නිතරම හුවමාරු කරගන්නා පුද්ගලයින්ට හා ස්ථානයන්ට ඉතා වැදගත් වනු ඇති බව විද්‍යාඥ පිරිසගේ අදහසයි.
2025 දෙසැම්බර් මස 18
600
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සන්නිවේදනයේ නව පිම්මක්
මොහාන් වර්ණකුලසූරිය ප්‍රනාන්දු Monday, 15 December 2014 02:34 PM
මේ ක්‍රමය ඉලෙක්ට්‍රෝනික් මනී ට්‍රාන්ෆර් වලට ගොඩක් වැදගත් වෙයි.(හේ)