IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


සින්දි ප්‍රජාවට එරෙහිව කෙණෙහිලිකම්

පාකිස්තානයේ සිටින සින්දි ප්‍රජාවට එරෙහිව සිදුවන මානව හිමිකම්වලට එරෙහිව පියවර ගන්නැයි ලෝක සින්දි සම්මේලනය ජී7 කණ්ඩායමේ රටවල නායකයන්ගෙන් ඉල්ලා සිටියි.

පාකිස්තානයේ සින්දි ජනයාගේ මානව හිමිකම් බරපතළ ලෙස උල්ලංඝණය වන බවත් ඔවුන් දරුණු වදහිංසාවලට ලක්වන බවත් ඊට එරෙහිව පියවර ගන්නා ලෙසත් ලෝක සින්දි සම්මේලනය ජී7 සමුළුවේ ලෝක නායකයන්ගෙන් ඉල්ලා සිටියේ ය.

ජී7 සමුළුව ඉකුත් දා අවසන් විය.

මේ වසරේ ජූනි මස ආරම්භය වනවිට කිසිදු වරෙන්තුවක් හෝ නොමැතිව දේශපාලන නායකයන් හා ක්‍රියාකාරීන්, සිවිල් සංවිධාන හා මානව හිමිකම් ක්‍රියාකාරීන්, බුද්ධිමතුන්/විද්වතුන්, ලේඛකයන් සිය දහස් ගණනක් නීති විරෝධී ලෙස අත්අඩංගුවට පත්ව ඇතැයි ද එයින් අවම වශයෙන් පුද්ගලයන් 10,000කට ආසන්න පිරිසකට හෝ සිදුවීම්වලට එරෙහිව නඩු ගොනු කර ඇතැයි ජී7 සමුළුවේ දී ප්‍රකාශ කෙරුණි. ජී7 සමුළුවට ඉකුත් සෙනසුරාදා ඊට අදාළ ලේඛනයක් ද ඉදිරිපත් කෙරුණි.

සින්දි ජනයාගේ මානව හිමිකම් දරුණු ලෙස උල්ලංඝණය වන බවත් ඒවා වැළැක්වීම සඳහා පියවර ගන්නා ලෙසත් ලෝක සින්දි සම්මේලනය ජී7 රටවල නායකයන්ගෙන් ඉල්ලීමක් කළේය.

මානව හිමිකම් උල්ලංඝණය වීම් සම්බන්ධයෙන් විමර්ශන කරන්නැයි ද ඔවුන් ඉල්ලීම් කළේය.

ලොව අනෙක් රටවල් පාකිස්තානයට ආධාර ලබාදීම නතර කළ යුතු බවත් එවිට ඔවුන්ට එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර ප්‍රඥප්තිවලට, ජාත්‍යන්තර නීතියට සහ මානව හිමිකම්වලට අනුව කටයුතු කිරීමට සූදානම් වන බවත් ලෝක සින්දි සම්මේලනය සඳහන් කළේය.

(ඒ.එන්.අයි. ඇසුරිනි)



අදහස් (0)

සින්දි ප්‍රජාවට එරෙහිව කෙණෙහිලිකම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 883 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 380 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site