දින 30ක් මුළුල්ලේ අකර්මන්‍ය වී තිබෙන ඇමෙරිකා එක්සත් ජනපද රජයේ කටයුතු නැවත ආරම්භ කිරීමට තාවකාලිකව අරමුදල් ලබාගැනීමේ අරමුණ ඇතිව පනත් කෙටුම්පත් දෙකක් සෙනට් සභාවට ඊයේ (24) ඉදිරිපත් වුවත් ඉන් එකක්වත් සම්මත නොවීය.
ඇමෙරිකා-මෙක්සිකෝ දේශසීමාවේ තාප්පයක් ඉදි කිරීම සඳහා මුදල් වෙන් කරන්නැයි ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඉල්ලා සිටීමත් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතරය හිමි ඩිමොක්‍රටික් පක්ෂය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමත් නිසා මෙම අර්බුදය නිර්මාණය විය.
එම අර්බුදය හේතුවෙන් දින 30කට වැඩි කාලයක් තිස්සේ ඇමෙරිකාවේ රජයේ කටයුතුවලින් බොහෝමයක් අකර්මනය වී තිබේ.
රිපබ්ලිකන් පක්ෂයට බහුතරය හිමි සෙනට් සභාවට අදාළ පනත් කෙටුම්පත් දෙක ඉදිරිපත් වූ අතර ඉන් එකක්වත් සම්මත කරගැනීමට නොහැකි විය.
පනත් කෙටුම්පත් ඉදිරිපත් වීමෙන් පසුව සෙනට් සභාවේදී රිපබ්ලිකන්වරුන් සහ ඩිමොක්‍රටික්වරුන් අතර විවාදයක් ද පැවැත්විණි. ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වය මඟහැරීමට සහ අකර්මන්‍ය වී තිබෙන කටයුතු නැවත ආරම්භ කිරීම සඳහා සති තුනකට මුදල් වෙන් කිරීම අදාළ යෝජනාවල මූලික අරමුණ විය.
දේශසීමා ආරක්ෂාව පිළිබඳ සාකච්ඡා පැවැත්වීම සඳහා කාලය ලබාගැනීමේ අරමුණින් සති තුනකට මුදල් වෙන් කෙරෙන පරිදි අදාළ පනත් කෙටුම්පත් ඉදිරිපත් කර තිබිණි.
“ඇමෙරිකා-මෙක්සිකෝ තාප්පය ඉදි කිරීම සඳහා මුලින් විශාල මුදලක් වෙන් නොකරන්නේ නම් කිසිදු පනත් කෙටුම්පතක් සම්මත වෙන්නේ නැහැ” යැයි ධවල මන්දිර ප්‍රකාශිකා සාරා සැන්ඩර්ස් සඳහන් කළාය.
“අපි දේශසීමා තාප්පයට මුදල් වෙන් කිරීමට සහයෝගය දෙන්නේ නැහැ” යනුවෙන් ඩිමොක්‍රටික්වරුන් සිය ස්ථාවරය පැහැදිලිවම රිපබ්ලික්වරුන්ට දැනුම් දුන් බව සෙනට් සභාවේ ඩිමොක්‍රටික් පක්ෂයේ නායක චක් ෂූමර්ගේ ප්‍රකාශයෙක් පැවැසීය.
ඇමෙරිකා එක්සත් ජනපදය සහ මෙක්සිකෝව අතර දේශසීමාවේ තාප්පය ඉදි කිරීම සඳහා එක්සත් ජනපද ඩොලර් බිලියන 5.7ක මුදලක් වෙන් කරන්නැයි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉල්ලා ඇත. එහෙත් තමන් ඊට මුදල් වෙන් නොකරන බවත් කිසිදු ලෙසකින් ඊට සහාය නොදෙන බවත් ඩිමොක්‍රටික් පක්ෂය අවධාරණය කර ඇත.
එම නිසා ඇති වූ අර්බුදය හේතුවෙන් දින 34ක් මුළුල්ලේ ඇමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය කටයුතුවලින් අඩකට ආසන්න ප්‍රමාණයක් අකර්මන්‍ය වී තිබේ. ඇමෙරිකා එක්සත් ජනපදයේ රජයේ කටයුතු මෙතරම් කාලයක් අකර්මන්‍ය වූ ඉතිහාසයේ පළමු අවස්ථාව මෙය වේ.
රොයිටර් ඇසුරිනි
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd