
බ්‍රිතාන්‍ය මහ මැතිවරණයට ඉදිරිපත් වන, ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වන පාලක කොන්සවර්ටිව් පක්ෂයේ නායක රිෂී සුනාක් සහ විපක්ෂය වන කම්කරු පක්ෂයේ නායක කීර් ස්ටාමර් අතරේ පළමු සජීවී රූපවාහිනී විවාදය උණුසුම් විය.
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මැතිවරණය ලබන ජූලි 4 වැනිදා පැවැත් වෙයි. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය සුනාක්, පාර්ලිමේන්තුව හදිසියේ විසුරුවා මැතිවරණයකට යෑමට තීරණය කළේ පාලක කොන්සවර්ටිව් පක්ෂයේ ජනප්‍රියත්වය බෙහෙවින් අඩුවී ඇති අවස්ථාවකය.
ජනමත සමීක්ෂණ අනුව, විපක්ෂ නායකයා ද වන කම්කරු පක්ෂ නායක කීර් ස්ටාමර් වැඩි වාසි ඇති අතර, ජූලි 4 වැනිදා මැතිවරණයෙන් පසු ස්ටාමර් බි්‍රතාන්‍යයේ නව අග්‍රාමාත්‍යවරයා වීමට ද ඉඩ ඇත.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd