
‘ජී20’ සමුළුවට සහභාගී වූ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් සහ බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරිය ශෙයික් හසීනා අතරේ සුහඳ හමුවක් පැවැත්වුණු අතර, එම හමුව පැවැත්වුණු ආකාරය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ කසුකුසුවක් නිර්මාණය වී ඇත.
අග්‍රාමාත්‍ය සුනාක්, බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරිය සමඟ සුහඳ හමුවට එක් වූයේ, අසුන් ගෙන සිටි ඇය අසලට ගොස් දණ නවා ඇයට ළං වෙමිනි.

‘ඔහු බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා බව ඇත්ත. ලෝකයේ බලවත් නායකයකු බව ඇත්ත. ඒත් ඔහු නිහතමානී පුද්ගලයෙක්’ යනුවෙන් බොහෝ දෙනා එම ඡායාරූපයට සහ වීඩියෝ දසුන් පෙළට අදහස් දක්වා තිබේ.

මහා බ්‍රිතාන්‍යය ‘ජී20’ සාමාජික රාජ්‍යයකි. බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරිය, නවදිල්ලියේ පැවැති ‘ජී20’ සමළුවට සහභාගී වූයේ ආරාධිතයකු ලෙසය.

ඉන්දීය සම්භවයක් ඇති සුනාක්, මෙසේ ඉන්දියාවට පැමිණියේ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු පළමු වරටය. සුනාක්ගේ බිරිඳ අක්ෂාතා මූර්ති ද සුනාක් සමඟ නවදිල්ලියට පැමිණ සිටියාය. සුනාක් සහ බිරිඳ නවදිල්ලියේ සුප්‍රසිද්ධ අක්ෂර්ධා හින්දු කෝවිලට වැද පුදා ගැනීමට ද අමතක නොකළාහ.

2025 නොවැම්බර් මස 04
174
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2063
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1583
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සුනාක් බංග්ලාදේශ අගමැතිනිය හමුවෙලා