වසර හතරකට පමණ පෙර සෞදි අරාබියේ ආයතනයක කම්කරුවන් ලෙස පැමිණ විවිද දුෂ්කරතා මධ්‍යයේ අවතැන් වෙමින් සිටි උතුරේ තරුණයන් හත් දෙනෙකු රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මැදිහත් වීමෙන් සතියක් ඇතුලත ශ්‍රී ලංකාවට යැවීමට පියවර ගෙන ඇත.

පසුගිය සතියේ(7) නැගෙනහිර පළාත තානාපති ජංගම සේවාව පැමිණි මෙම තරුණයන් කම්කරු නිලධාරි  රොෂාන් ගුණවර්ධන න මහතා ඉදිරියේ පැවසුවේ මිට වසර හතරකට පෙර රියාල් 700  ක වැටුපකට කම්කරුවන් ලෙස පැමිණියද ආහාර පාන සහ අනිකුත් පහසුකම් නොමැතිව තමන් ඇතුළු කණ්ඩායම වසර දෙකක පමණ කාලයක් ඇති දුෂ්කර ලෙස රාජකාරිය ඉටුකලද ඉතාම සොච්චම් වැටුපක් වන එම මුදලෙන් කිසිවක් කරගත නොහැකි නිසා අටදෙනාම එම ආයතනයෙන් පලා ගොස් විවිද ස්ථානවල රැකියා කරමින් කල්ගෙවූ නමුත් කිසිදු ලියවිල්ලක් අප සන්තකයේ නොමැති බැවින් ශ්‍රි ලංකාවට යාම සදහා තානාපති කාර්යාලයට පැමිණි බවයි.

ඔවුනට එවෙලෙහිම තාවකාලික ගමන් සහතික නිකුත් කර නැගෙනහිර පළාත සුබසාධන සිවිල් නිලධාරි චාලි තලයරත්න මහතාට භාර දෙනලද්දේ සෞදි ආගමන නිලධාරින් වෙත යොමුකර නිත්‍යනුකුලව මොවුන් ශ්‍රි ලංකාවට පිටත් කිරීම සදහාය. ඉදින් දින 5 ක් ඇතුලත සියලු කටයුතු නිමා කළ තලයරත්න මහතා සහනදායි මුදලට ගුවන් ටිකට් පත් ලබාදී රටෙන්  පිටවීමේ විසා පත් ලබා දෙමින් අද14 සිකුරාදා සියලු දෙනාම ලංකාවට පිටත් කර හරින ලදී . ශ්‍රී ලාංකික තරුණයකු වන ද මේ කාර්යයට  අත හිත දුන්නේය. 

DSC04867[1] DSC04871[1]