මැද පෙරදිග ස්වසන රොගය (මර්ස්) වැළදීමෙන් 6 වැනි පුද්ගලයාත් දකුණු කොරියාවේදී මියගිය බව විදෙස් මාධ්‍ය අද (08 දා ) වාර්තා කළේය. මෙම රෝගය දකුණු කොරියාව තුල සීඝ්‍රයෙන් වෙයි. මරණයට ගොදුරු වු පුද්ගලයා 80 වියැති අයෙකි. මොහු දකුණු කොරියාවේ ඩයිජෙන් හි වාසය කළේය.
ස්ථිර ලෙසම රෝගය වැළදුනු පුද්ගලයන් 87 දෙනෙක් පසුගිය ඉරිදා වන විට දකුණු කොරියාවේ සිටින බව වාර්තා වෙයි. මැද පෙරදිග රටවලට පරිබාහිර රටක මේ රෝගය වැඩිම පිරිසක් අතර ව්‍යාප්ත වූ ප්‍රථම අවස්ථාව මෙය බව සෞඛ්‍ය අංශ පෙන්වාදෙයි.
පුද්ගලයන් 2300 ක් පමණ රෝග නිරෝධානයට භාජනය කර ඇතැයි කොරියාව පවසයි. පාසැල් 1900 ක් මෙම රෝගය පැතිරීම පාලනය සඳහා වසා දමා තිබේ.
මෙම රෝගයෙන් සිදුවු ප්‍රථම මරණය වාර්තාවුයේ 2102 දී සෞදි ආරාබියේදීය. මෙම රෝගය කොරෝනා ඝනයේ වෛරසක් ආසාදනය විමෙන් වැළදේ. තද උණ, කැස්ස, හුස්ම ගැනීමේ අපහසුව රෝග ලක්ෂණ ලෙස හඳුනානෙ ඇත. වෛරසය නිව්මෝනියාවට උත්තේජකයක් වන අතර වකුගඩු ආසාදනය කරයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත වලට අනුව මර්ස් වැළදුනු අයගෙන් ආසන්න වශයෙන් සියයට 36 ක් මියයයි. මර්ස් මර්ධනය කිරීමට මෙතෙක් විශේෂ ප්‍රතිකාරයක් හෝ එන්නතක් හෝ නැත.
රෝගීන් සමග සමීප සබඳතා පවත්වාගෙන යාමෙන් අන් අයට බෝවීම සිදුවේ. මෙම රෝගයෙන් බේරීම සඳහා කොරියාවේ බොහෝ ප්‍රදේශවල මහජනතාව මුඛ වැස්මක් භාවිතයට පුරුදුව සිටිති.
මීට වසර තුනකට ප්‍රථමයෙන් ව්‍යාපාරික කටයුත්තක් සඳහා සෞදි ආරබියාවට ගිය කොරියා ජාතිකයකුට මේ රෝගය ප්‍රථමයෙන් වැළඳී තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා හැමතැනම ප්‍රශ්න! (නි)