IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


සෞදියේ ‘මර්ස්‘ කොරියාවටත් ඇවිත්

මැද පෙරදිග ස්වසන රොගය (මර්ස්) වැළදීමෙන් 6 වැනි පුද්ගලයාත් දකුණු කොරියාවේදී මියගිය බව විදෙස් මාධ්‍ය අද (08 දා ) වාර්තා කළේය. මෙම රෝගය දකුණු කොරියාව තුල සීඝ්‍රයෙන් වෙයි. මරණයට ගොදුරු වු පුද්ගලයා 80 වියැති අයෙකි. මොහු දකුණු කොරියාවේ ඩයිජෙන් හි වාසය කළේය.

ස්ථිර ලෙසම රෝගය වැළදුනු පුද්ගලයන් 87 දෙනෙක්  පසුගිය ඉරිදා වන විට දකුණු කොරියාවේ සිටින බව වාර්තා වෙයි. මැද පෙරදිග රටවලට පරිබාහිර රටක මේ රෝගය වැඩිම පිරිසක් අතර ව්‍යාප්ත වූ ප්‍රථම අවස්ථාව මෙය බව සෞඛ්‍ය අංශ පෙන්වාදෙයි.

පුද්ගලයන් 2300 ක් පමණ රෝග නිරෝධානයට භාජනය කර ඇතැයි කොරියාව පවසයි. පාසැල් 1900 ක් මෙම රෝගය පැතිරීම පාලනය සඳහා වසා දමා තිබේ.

මෙම රෝගයෙන් සිදුවු ප්‍රථම මරණය වාර්තාවුයේ 2102 දී සෞදි ආරාබියේදීය. මෙම රෝගය කොරෝනා ඝනයේ වෛරසක් ආසාදනය  විමෙන් වැළදේ. තද උණ, කැස්ස, හුස්ම ගැනීමේ අපහසුව රෝග ලක්ෂණ ලෙස හඳුනානෙ ඇත. වෛරසය නිව්මෝනියාවට උත්තේජකයක් වන අතර වකුගඩු ආසාදනය කරයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත වලට අනුව  මර්ස් වැළදුනු අයගෙන් ආසන්න වශයෙන් සියයට 36 ක් මියයයි. මර්ස් මර්ධනය කිරීමට මෙතෙක් විශේෂ ප්‍රතිකාරයක් හෝ එන්නතක් හෝ නැත.

රෝගීන් සමග සමීප සබඳතා පවත්වාගෙන යාමෙන් අන් අයට බෝවීම සිදුවේ.  මෙම රෝගයෙන් බේරීම සඳහා කොරියාවේ බොහෝ ප්‍රදේශවල මහජනතාව මුඛ වැස්මක් භාවිතයට පුරුදුව සිටිති.

මීට වසර තුනකට ප්‍රථමයෙන් ව්‍යාපාරික කටයුත්තක් සඳහා සෞදි ආරබියාවට ගිය කොරියා ජාතිකයකුට මේ රෝගය ප්‍රථමයෙන් වැළඳී තිබිණි.



අදහස් (0)

සෞදියේ ‘මර්ස්‘ කොරියාවටත් ඇවිත්

කිත්සිරි Tuesday, 09 June 2015 07:31 AM

අනේ මන්දා හැමතැනම ප්‍රශ්න! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 470 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2219 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1669 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site