බුවනෝස් අයර්ස්හිදීය (රොයිටර්ස්)
 
 
ඉදිරි වසර කිහිපයේදී සෞදි අරාබිය ඉන්දියාව තුළ ආයෝජනය කරනු ඇතැයි බලාපොරොත්තු වන බව ඉන්දියාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් අද (30) පැවැසීය.
 
ආර්ජන්ටිනාවේ බුවනෝස් අයර්ස් හී පැවැත්වෙන ජී 20 සමුළුවට සමගාමීව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී සහ සෞදියේ ඔටුන්න හිමි මොහොමද් බින් සල්මාන් කුමරු අතර පැවැති සාකච්ඡාවෙන් පසුව ජ්‍යෙෂ්ඨ නිලධාරියා එම කරුණු සඳහන් කළේය. 
 
අග්‍රාමාත්‍යවරයා සහ ඔටුන්න හිමි කුමරු අතර පැවැති සාකච්ඡාවේ දී දෙරට අතර ආර්ථික සහයෝගීතාව වැඩි කරගැනීමට ද එකඟතාව පළ වී තිබේ. 
 
“ඉදිරි වසර දෙක තුනක කාලයේදී සෞදි අරාබිය ඉන්දියාව තුළ තාක්ෂණය සහ බලශක්ති ඇතුළු විවිධ ක්ෂේත්‍රවල  ආයෝජනය කරනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා” යැයි අගමැති මෝදි සහ සල්මාන් කුමරු අතර පැවැති සාකච්ඡාවේ සාරාංශයක් ඉදිරිපත් කරමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් විජේ ගෝකාලේ පැවැසීය. 
 
055