ඉරානයට ඔත්තු සැපයු බව කියන සෞදියේ 15 දෙනකුට එරට අධිකරණය මරණ දඬුවම නියම කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම නඩුවට අදාළව 32දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් 30 දෙනෙකු සෞදි ජාතිකයෝ වෙති.ඒ අතර ඉරාන ජාතිකයෙක් හා ඇෆ්ගනිස්ථාන ජාතිකයෙක් ද වෙති.ඉන් 17 දෙනකුට සිර දඬුවම නියම වී ඇතැයි ද වාර්තා වෙයි.

සෞදි ආරක්ෂක අංශ වල සංවේදී තොරතුරු ඉරානයට ලබා දුන්නැයි ඔවුනට චෝදනා එල්ල වෙති.ඔවුන් ඉරාන බුද්ධි අංශය සමග එක්ව ඔත්තු බැලීමේ අංශයක් සැකසු බවද බලධාරීහු චෝදනා කළහ.

සෞදි ආර්ථිකයට එරෙහිව කඩාකප්පල්කාරී ක්‍රියා සිදුකිරීම, ගැටුම් ඇති කිරීමට ජනතාව උසිගැන්වීම,ඔත්තු බැලීමේ සඳහා අන් අය යෙදවීම හා රාජ්‍ය විරෝධී ක්‍රියාවන් වලට සහභාගී වීම යන චෝදනාද ඔවුන්ට එරෙහිව ඉදිරිපත් විණි.

සෞදි අරාබිය හා ඉරානය අතර ගැටළු සහගත තත්ත්වයක් ඇති වෙමින් පවතින බව මාධ්‍ය පවසයි