IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


සද්ධාතිස්ස පන්සල නේපාලයේ පාසල් හදයි

 

නේපාලයේ භුමි කම්පාවෙන් අබලන් තත්වයට පත්වූ පාසල් ගොඩනැඟිලි සහ නිවාස ලන්ඩන් නුවර ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ මැදිහත්වීමෙන් අලුත් වැඩියා කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇත.

විහාරාධිපති පියදස්සී නාහිමියන්ගේ අනුශාසනාවෙන් ආරම්භ කළ මේ කටයුතු අධීක්ෂණයට සද්ධාතිස්ස විහාරවාසී නේපාල ජාතික සුමන හිමියන් දැනටමත් නේපාලයට වැඩම කරසිටී. 

අලුත්වැඩියා කිරීම සඳහා සුදුසු පාසල් සහ නිවාස කිහිපයක් සුමන හිමියන් නේපාලයේදී තෝරාගෙන ඇති අතර ඒවායේ පිළිසකර කිරීම්  දැනටමත් ආරම්භ කර ඇති බවද පියදස්සී හිමියෝ ලංකාදීප එසැණ පුවත් වෙත පැවසුහ. 

මෙම වැඩකටයුතු සඳහා ආධාර එකතු කිරීමේ වැඩසටහන්  කින්ස්බරි විහාරස්ථානය වටා පිහිටි සුපිරි වෙළඳසැල් සංකීර්ණයන් කිහිපයකදී ක්‍රියාත්මක විය.

සද්ධාතිස්ස විහාරස්ථානයේ සැදැහැවතුන් පිරිසක් මේ සඳහා ස්වේච්චාවෙන් සහායවු බවත් ආධාර එකතු කිරීමේදී ලන්ඩනයේ පදිංචි නේපාල ජාතිකයින්ගෙන්ද විශාල දායකත්වයක් සහ සහයෝගයක් ලැබුණ බවත් ආධාර එකතු කිරීමේ කටයුතු සම්බන්ධීකරණය කළ ගොඩ්ෆ්‍රී සිල්වා පැවසුවේය.

නේපාලයේ භූමිකම්පාවෙන් විපතට පත්වූවන් සිහිපත් කර කින්ස්බරි විහාරස්ථානයේ විශේෂ ආගමික වතාවත් පැවැත්විණි. ඒ සඳහා සහභගී වූ බොහෝ දෙනෙක්ද නේපාල අරමුදලට මුල්‍යමය වශයෙන් ආධාර දුන්හ.

සද්ධාතිස්ස විහාරස්ථානය සංවිධානය කළ සිංහල අවුරුදු උත්සවයට සහභාගී වීම සඳහා ලන්ඩනයට පැමිණි ගායන ශිල්පී නිලන්ත සිරි පතිරණ සහභාගිවූ සංගීත ප්‍රසංග කිහිපයක්ද නේපාල අරමුදලට ආධාර ලැබිණි

බලාපොරොත්තු නොවූ තරමේ ආධාර මුදලක් එකතු කරගැනීමට හැකිවූ බවත් ඒ සියලුම මුදල් නේපාලයේ පාසල් සහ නිවාස අලුත්වැඩියා කිරීම සඳහා පමණක් යොදාගන්නා බවත් කිසිම මුදලක් වෙනත් කටයුත්තක් සඳහා වියදම් නොකිරීමට වගබලා ගන්නා බවත් ගොඩ්ෆ්‍රී සිල්වා පැවසුවේය. 

සුමන හිමියන් නේපාලයට ගොස් ඇත්තේත්  එහිදී උන්වහන්සේගේ අවශ්‍යතා ඉටු කරගන්නේත් සුමන හිමියන්ගේ පෞද්ගලික වියදමින් බවද නේපාලයේදී උන්වහන්සේගේ වැඩකටයුතු සඳහා පවුලේ අය මෙන්ම නෑදෑ හිතමිත්‍රාදීන්ගේ උදව් ලබාගන්නා බවත් අරමුදලේ සල්ලි සුමන හිමියන් භාවිතා නොකරන බවද  ඔහු පැවසීය.

10955290_10152985209058752_605318942038786270_o 11174349_10152974428738752_2485298991990834956_o 11217751_10152985209788752_5476715399009355169_o 11312588_10153000278378752_8611023890674841084_o



අදහස් (0)

සද්ධාතිස්ස පන්සල නේපාලයේ පාසල් හදයි

චිරාන් මධුරංග Tuesday, 02 June 2015 04:13 AM

අගය කළ යුතු කටයුත්තක්. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 470 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2219 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1668 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site