සෞදි  අරාබියේ   වෙසෙන   සියලුම   විදේශීක  ශ්‍රමිකයන්ට   තම  ගමන්   බල  පත්‍රය  ඇතුළු සියලු    ලිපි    ලේඛන   තම   සන්තකයේ   තබා   ගැනීමට    ඇති   අයිතිය   නැවතත්   තහවුරු    කරමින්    සෞදි   කම්කරු  අමාත්‍යාංශය  පුවත්පත්    මගින්    නිවේදනයක්    නිකුත්    කරයි.

හාම්පුතා (සේවා   යෝජකයා)  විසින්    විදේශික  ශ්‍රමිකයන්ගේ   ගමන්   බලපත්   සහ   අනිකුත්    ලිපිලේඛන   තම   භාරයේ     තබා    ගත්තද  සේවකයාගේ  පලායාම   එමගින්    වැලැක්විය  නොහැකි    බවද    එසේ    පලා යන්නවුනට    කිසිදු    ලියවිල්ලක්   හෝ නොමැතිව  තම   රටේ   තානාපති    කාර්යාලයට   ගොස්   ලියාපදිංචි   වීමට    බාධාවක්   නොමැති   බව එම  නිවේදනයේ   කියයි.

යම්  විදේශිකයෙකු   රැකියාව සඳහා    මෙරටට පැමිණ   පළමු  මාස   තුන   ඇතුළත   නොදන්වා   සේවයට   නොපැමිණිහොත්   එම   ශ්‍රමිකයා    වෙනුවට    විදේශ  රැකියා   නියෝජිත   ආයතන  මගින්    වෙනත්   ශ්‍රමිකයකු    අනුයුක්ත   කර    ගැනීමට    හාම්පුතාට   අයිතියක්   ඇති  බවද  එම  නිවේදනයේ   පවසයි.

ජෙඩා   නුවර   සෞදි   කම්කරු    කාර්යාලයේ     අධ්‍යක්ෂ  සුල්තාන්   අල් හර්බි    සඳහන්    කරනුයේ   කිසියම්      හාම්පුතකු හෝ    ආයතන   හිමිකරුවකු විදේශ  ශ්‍රමිකයන්ගේ     ගමන්   බලපත්‍ර තම   භාරයේ      රදවා   ගැනිම    පැහැදිලිවම   කම්කරු   කාර්යාලයට    පැමිණිලි    කිරිමට     අයිතියක්    ශ්‍රමිකයාට   ඇත්තේ    කම්කරු    නිතිය    මගින්    විදේශික   ශ්‍රමිකයන් ආරක්ෂා    කිරිම   යටතේ   බවද  ඔහු   කියයි.

සෞදි   කම්කරු   නිතියේ   13   වගන්තිය  ප්‍රකාරව   සේවා    දායකයකු    පලාගියහොත්   සේවා    යෝජකයා විසින්      අනිවාර්යෙන් ළඟම  ඇති    පොලිසියට    සහ  කම්කරු     කාර්යාලයට    පැමිණිල්ලක්   කළ  යුත්තේ    එම   ශ්‍රමිකයා  විසින්    සේවා  යෝජකයාට   විරුද්ධව  කළ  හැකි   පැමිණීලි   සහ  නඩු    මඟට   අවතිර්ණ   වීමට    ඇති  හැකියාව   එමගින්    වැළැක්වීම  සඳහා  බවද    ඔහු   සඳහන්  කරයි.