සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති හුසේන් මොහොමඩ් මහතා ශ්‍රී ලංකා තානාපති ධූරයෙන් සමුගෙන ශ්‍රී ලංකාව බලා නික්ම ගිය බව රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි. හිටපු තානාපති වඩිවේල් ක්‍රිෂ්ණමුර්ති මහතාගෙන් හිස්වූ සෞදි තානාපති ධුරයට පත්වූ හුසේන් මොහොමඩ් මහතා සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති ලෙස පැමිණියේ පසුගිය වසරේ ජුලි මස 17 වැනි දිනය.මාස 13 ක් වැනි කෙටි කාලයක් තුළදී සෞදි අරාබියත් ශ්‍රී ලංකාවත් අතර මනා රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවයක් ගොඩනැගීමට අගනා මෙහෙවරක් ඉටුකළ මොහොමඩ් හුසේන් මහතා දෙරට අතර සංචාරක ව්‍යාපාරය මෙන්ම වෙළඳ සහ ව්‍යාපාර කටයුතු ඉහළ නැංවීමට මහත් වෙහෙසක් දරු රාජ්‍යතාන්ත්‍රිකයෙකි. විශේෂයෙන්ම සෞදි අරාබියේ වෙසෙන ශ්‍රී ලාංකික කතුන් පිලිබඳව විශේෂ උනන්දුවක් දැක්වූ එතුමා ගෘහ සේවිකාවන් ලෙස පැමිණෙන කාන්තාවන් මුහුණ දෙන ප්‍රශ්න සහ ගැටළු වෙනුවෙන් දෙරට අතර නව ගිවිසුම් කිහිපයක්ම දියත් කිරීමට මුල්වී ක්‍රියා කළ රාජ්‍ය නිලධාරියෙකි.

husen_mohomad_2[1] husen_mohomad3[1] DSC04285[1] DSC04289[1] DSC04357[1] husein_mohomad[1]