සෞදි අරාබියේ ජේසන් නගර ආසන්න රජයේ රෝහලක ඇතිවූ ගින්නකින් 25 දෙනකු මියගොස් 123 දෙනකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අද අළුයම මේ ගින්න හටගනෙ ඇත්තේ එහි පළමු මහළේ බව ද අනතුරුව එය ඉහළ මහල් හතරට ද පැතිරී ඇතැයි ගලවාගැනීමේ ඒකකය පවසයි.  ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැත. දැනට ගින්න මැඩපවත්වා ඇති බවත් එහි සිටින රෝගීන් වෙනත් රෝහල්වෙත මාරු කර යවන බවත් සෞදි රජය පවසයි.

රෝහලේ හදිසි අනතුරු ඒකකය සහ මාතෘ ඒකකය මේ ගොඩනැගිල්ලේ පිහිටා තිබිණි.