ලොව ඉතිරිව සිටි උතුරු සුදු රයිනෝසිරස් සතුන් හතර දෙනාගෙන් එක් සතකු ඉරිදා මියගිය බව සැන්ඩියාගෝ සෆාරි උද්‍යානයේ බලධාරීන් පවසයි. නෝලා නමින් හඳුන්වන මෙම සුදු රයිනෝ මියයන විට වයස අවුරුදු 41ක් වූ බවත් එම සතා රයිනෝසිරස් සතකු ජීවත්වන උපරිම ආයුකාලය ගත කර ඇති බවත් මාධ්‍ය වාර්තාකරයි. සතාගේ මරණයට හේතුවූයේ බැක්ටීරියා ආසාදනයක් බව මරණ පරීක්ෂණය සිදුකළ පශු වෛද්‍යවරු මාධ්‍යයට පවසා ඇත.
ලෝකයේ ජීවත්වන සුදු රයිනෝසිරස් සතුන්ගේ උප විශේෂයක් ලෙස මෙම උතුරු සුදු රයිනෝසිරස් සතුන් හැඳින්වේ. මේ උප විශේෂයේ ඉතිරිව සිටින අනිත් සතුන් තිදෙනා වාසය කරන්නේ කෙන්යාවේ ඔල් පෙජෙටා රක්ෂිත වනාන්තරයේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd