නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයෙන් සිදු වූ බලපෑම අඩු කරගැනීම සඳහා සෞදි ආණ්ඩුව පියවර රැසක් ගෙන ඇත.
ඒ අනුව පෞද්ගලික අංශයට සහන සැලසෙන පරිදි වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබේ.
නව කොරෝනා වයිරසය හේතුවෙන් පෞද්ගලික අංශයේ ව්‍යාපාරවලට සිදු වූ බලපෑම අඩු කරගැනීම සඳහා සෞදි මහ බැංකුව රියාල් බිලියන 51ක (ඇමෙරිකානු ඩොලර් බිලියන 13.60ක) වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇත.
සෞදි අරාබියෙන් මේ වනවිට වාර්තා වන කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන 205,929කි. එරටින් වාර්තා වන වයිරස ආසාදිත මරණ ගණන 1,858කි. සෞදි අරාබියේ නව කොරෝනා වයිරසය ආසාදනය වී සුව වූ ගණන 143,256කි.
රොයිටර්
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd