සෞදි අරාබියේ බස්නාහිර කලාපයේ ප්‍රධාන නගරයක් වන කමිස මුසායඩ් අල අභා ප්‍රදේශයේ ආරක්ෂක කදවුරක පිහිටි මුස්ලිම් දේවස්ථානයක් තුළ බ්‍රහස්පතින්දා දහවල් මරාගෙන මැරෙන පුද්ගලයකු විසින් පුපුරුවා හරින ලද මිනිස් බෝම්බයකින් 17 දෙනෙකු ජිවිතක්ෂයට පත්වී 30 දෙනෙකු තුවාල ලබා ඇති බව ඇරැබ් නිවුස් වෙබ් අඩවිය පවසයි. අබා නගරය පිහිටියේ රියාද් සිට කිලෝ මීටර් 1200 පමණ දුරකිනි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චන්ද්‍රිකා ඔයාගේ අදහස් අාත්මාර්තකාමියි. මොනවා උනත් නැති උනේ මිනිස් ජීවිත. ඔයාට සතුටුයිද. අනේ මන්දා තමන්ටම වෙන්න ඕනේ දැනෙන්න.(නදී)
අනේ දෙවියනේ! (නි)
අපරාදේ මේ මිනිස් ජීවිත! (නි)
අපේ රටෙත් යුද්දේ තිබුනා නම් ඕක තමයි වෙන්නේ තාමත්. හොඳ වෙලාවට අපේ රටේ කොන්ද පන තියෙන නායකයෙක් හිටියේ. ඉතින් එහෙව් එකේ යුද වීරයාට (රාජපක්ෂ මැතිදුන්ට) අපහාස කිරීම හරිද? (නදී)
චන්ද්‍රිකා දන්න දෙයක් කථා කරන්න. අරාබි වසන්තය පටන් ගත්තේ ඒ රටවල ඒකාධිපති පාලනය දරාගන්න බැරි මිනිස්සු. (නදී)
කවුරු වුණත් මේ නැතිවෙන්නේ මිනිස් ජීවිත! (නි)
අපේ ලංකාවේ මරාගෙන මැරෙන බෝම්බ වලින් සිය ගණන් මිනිස් ජීවිත අහිමි වී ඇත. ආපසු එවැනි යුගයක් ඇති නොවේවා (නි)
ලෝක බලවතුන්ගේ බල උමුතුවේ ප්‍රතිපල (නදී)
මමත් කාලයක් අබහා වල හිටියා. විනෝදයට නිතරම කමීස් මුසයියාට් යනවා. මුලු වසර පුරාම නිකන් නුවරඑළිය වගේ. කමීස් වල තරුණ තරුණියන් බටහිර ගති වලට ඇලුම් කරන බවක් පෙනෙනවා. අන්තවාදීන් මේ ක්‍රමක්‍රමයෙන් ඇතිවන නිදහස ගැන බියවී ඇති. එවැනි රටක, එම පළාතේ වූ මේ සිදුවීම ගැන මට ඇත්තේ සෑහෙන දූකක්. (නි)
මිනිස් ජීවිත නැතිවීම ගැන හදවතින්ම සතුටු වෙන,පහත් ගති ඇති ගැහැණුත් අප අතර සිටීම කනගාටුවට කරුණකි.(ම)
මෙය බූමරංගයකි. සෞදියේ ආර්ථිකය වැටීමේ එක් පියවරක් පමනයි. ඇමරිකාව අරාබි වසන්තය පටන්ගත්තේ මේවාත් ඉලක්ක කරගෙනයි. මෙම පිපිරීම ගැන මම හදවතින්ම සතුටු වෙමි. තවත් වසර පහක් වැනි ඉතා කෙටි කලකින් අපට මේ ප්‍රථිපල දැකිය හැකියි. (නදී)
අපරාදේ මිනිස් ජීවිත! (නි)
කවදාද මේ ලෝකය තුළ මිනිසුන් මරාගැනීම් නවත්වන්නේ? (නි)