සෞදි අරාබිය විසින් යේමනයේ ෂියා කැරලි කරුවන් වෙත එල්ල කරන ලද ගුවන් ප්‍රහාර හේතුවෙන් හූති කැරලිකරුවන් 500 කට වඩා වැඩි ප්‍රමාණයක් මරාදමා ඇති ව සෞදි ආරක්ෂක අමාත්‍යාංශ ප්‍රකාශකයා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සෞදි අරාබි ජෙනරාල් අහමඩ් අසිරි පැවසුවේ ජාතින් නමයක් එක්ව සැදුම් ලත් මණ්ඩලය මගින් පසුගිය මාර්තු මස 26 දින සිට මේ වනවිට යේමනයට ගුවන් ප්‍රහාර 1200 ක් එල්ල කර ඇති බවයි. ඔහු තවදුරටත් පැවසුවේ තම ප්‍රහාර වල ඉලක්කය කැරලි කරුවන් යේමනයේ දකුණු දෙසට ගමන් කිරීම වැළැක්වීම බවයි. මේ වන විට සෞදි අරාබිය සහ යේමන් දේශසීමාවේ නජ්රන් කලාපයේ දරුණු සටන් ඇවිලෙමින් පවතී.
සෞදි අරාබියානු හමුදා නිළධාරින් තිදෙනෙක් ද ප්‍රහාර මගින් මියගොස් තවත් තිදෙනෙක් තුවාල ලබා තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ සංඛ්‍යාලේඛන වලට අනුව යේමන සිවිල් වැසියන් 648 ක් මියගිය බවත් 2191 ක් දෙනෙක් තුවාල ලැබු බවත් සඳහන්වේ. මෙම තුවාල ලැබු පිරිසට හමුදා භට පිරිස් ද අයත්ය.
2025 දෙසැම්බර් මස 18
609
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
295
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සෞදි ප්‍රහාරයෙන් කැරළි කරුවෝ මියයති
කවින්ද Tuesday, 14 April 2015 12:32 PM
අනේ ලොවකට සිදුවූ විපතක මහත.....! (නි)
කරුණාරත්න Monday, 13 April 2015 07:37 PM
මිනිසුන් විසින් මිනිසුන් මරාගැනීම කවදා අවසන්වේද? (නි)
දුමින්ද Wednesday, 15 April 2015 06:02 AM
අරාබි වසන්තය ලේවලින් උදාකළේ බටහිර බලවතුන් නොවේද? (නි)
නුවන් Thursday, 16 April 2015 05:46 AM
බටුගෙදර, මේ මිනිස්සුන්ට අමුතුවෙන් මිණිමරන්න උගන්වන්න ඕනේ නැහැ. ටිකක් ඉතිහාසය කියවල දැන ගන්න (නදී)
බටුගෙදර Wednesday, 15 April 2015 06:30 AM
මේ අයට යුද්ධ කරන්න හොඳට පුරුදු කරමු. පස්සේ අපිම ඒ අයට බනිමු (නි)
උපාලි Tuesday, 14 April 2015 01:24 AM
දැන් ලෝකයේ පවතින්නේ තාක්ෂණ මෙවලම් යුද්ධයක් මිස සතුරාට පමණක් හානිවනසේ පහරදීමක් නොවේ (නි)
සමන් Thursday, 16 April 2015 06:43 AM
බටුගෙදර,සෞදි රටේ ඉන්නේ බබ්බු කියලද හිතන්නේ? (බ)
ඈන් Tuesday, 14 April 2015 04:14 PM
යුධායුධ විකිණීමෙන් තම ආර්ථිකය ශක්තිමත් කරගන්න හදන රටවල් තිබෙනතුරු ලෝකයේ යුද්ධ නවතින්නේ නැහැ. හදන ඒවා විකුණාගන්න තැන් තියෙන්නත් ඕනෑනේ. මොකද පිටසක්වලට විකුණන්නයැ. (නි)
උපුල් Thursday, 16 April 2015 07:34 AM
බටහිර බලවතුන් මේගොල්ලන්ට පොළවෙන් තෙල් ටික ගන්න හැටි ඉගැන්නුවේ නැත්නම් තාමත් වනචාරී මිනිස්සු වගේ ඉන්නේ! (බ)
නිමලලලිතා Tuesday, 14 April 2015 03:37 AM
මේ මුස්ලිම් අන්තවාදය මුළු ලොවටම බරපතල අනතුරක්. (බ)
ඇසළ Tuesday, 14 April 2015 05:38 AM
බලයට කෑදරකම, ක්‍රෝධය, වෛරය, අනෙකා අභිබවායාමට උත්සාහ කිරීම, වෙනත් රටවල සම්පත් කොල්ලකෑම, මිනීමැරීම, මේ හැමදෙයක්ම මෙවන් යුද්ධ වලට බලපාන හේතු සාධක. ලොවට සාමයක් පෙනෙනතෙක් මානයකවත් නැහැ. (නි)