සෞදි අරාබිය විසින් යේමනයේ ෂියා කැරලි කරුවන් වෙත එල්ල කරන ලද ගුවන් ප්‍රහාර හේතුවෙන් හූති කැරලිකරුවන් 500 කට වඩා වැඩි ප්‍රමාණයක් මරාදමා ඇති ව සෞදි ආරක්ෂක අමාත්‍යාංශ ප්‍රකාශකයා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සෞදි අරාබි ජෙනරාල් අහමඩ් අසිරි පැවසුවේ ජාතින් නමයක් එක්ව සැදුම් ලත් මණ්ඩලය මගින් පසුගිය මාර්තු මස 26 දින සිට මේ වනවිට යේමනයට ගුවන් ප්‍රහාර 1200 ක් එල්ල කර ඇති බවයි. ඔහු තවදුරටත් පැවසුවේ තම ප්‍රහාර වල ඉලක්කය කැරලි කරුවන් යේමනයේ දකුණු දෙසට ගමන් කිරීම වැළැක්වීම බවයි. මේ වන විට සෞදි අරාබිය සහ යේමන් දේශසීමාවේ නජ්රන් කලාපයේ දරුණු සටන් ඇවිලෙමින් පවතී.
සෞදි අරාබියානු හමුදා නිළධාරින් තිදෙනෙක් ද ප්‍රහාර මගින් මියගොස් තවත් තිදෙනෙක් තුවාල ලබා තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ සංඛ්‍යාලේඛන වලට අනුව යේමන සිවිල් වැසියන් 648 ක් මියගිය බවත් 2191 ක් දෙනෙක් තුවාල ලැබු බවත් සඳහන්වේ. මෙම තුවාල ලැබු පිරිසට හමුදා භට පිරිස් ද අයත්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ලොවකට සිදුවූ විපතක මහත.....! (නි)
මිනිසුන් විසින් මිනිසුන් මරාගැනීම කවදා අවසන්වේද? (නි)
අරාබි වසන්තය ලේවලින් උදාකළේ බටහිර බලවතුන් නොවේද? (නි)
බටුගෙදර, මේ මිනිස්සුන්ට අමුතුවෙන් මිණිමරන්න උගන්වන්න ඕනේ නැහැ. ටිකක් ඉතිහාසය කියවල දැන ගන්න (නදී)
මේ අයට යුද්ධ කරන්න හොඳට පුරුදු කරමු. පස්සේ අපිම ඒ අයට බනිමු (නි)
දැන් ලෝකයේ පවතින්නේ තාක්ෂණ මෙවලම් යුද්ධයක් මිස සතුරාට පමණක් හානිවනසේ පහරදීමක් නොවේ (නි)
බටුගෙදර,සෞදි රටේ ඉන්නේ බබ්බු කියලද හිතන්නේ? (බ)
යුධායුධ විකිණීමෙන් තම ආර්ථිකය ශක්තිමත් කරගන්න හදන රටවල් තිබෙනතුරු ලෝකයේ යුද්ධ නවතින්නේ නැහැ. හදන ඒවා විකුණාගන්න තැන් තියෙන්නත් ඕනෑනේ. මොකද පිටසක්වලට විකුණන්නයැ. (නි)
බටහිර බලවතුන් මේගොල්ලන්ට පොළවෙන් තෙල් ටික ගන්න හැටි ඉගැන්නුවේ නැත්නම් තාමත් වනචාරී මිනිස්සු වගේ ඉන්නේ! (බ)
මේ මුස්ලිම් අන්තවාදය මුළු ලොවටම බරපතල අනතුරක්. (බ)
බලයට කෑදරකම, ක්‍රෝධය, වෛරය, අනෙකා අභිබවායාමට උත්සාහ කිරීම, වෙනත් රටවල සම්පත් කොල්ලකෑම, මිනීමැරීම, මේ හැමදෙයක්ම මෙවන් යුද්ධ වලට බලපාන හේතු සාධක. ලොවට සාමයක් පෙනෙනතෙක් මානයකවත් නැහැ. (නි)