සෞදි අරාබියේ නව ශ්‍රී ලංකා තානාපති ලෙස පත්ව ආ මොහොමඩ් අස්මි තාසිම් මහතා නැගෙනහිර පළාත ශ්‍රී ලංකා සංස්කෘතික සංසදයේ නිලධාරින් අතර හමුවක් අල් කොබාර් ලා ටෙරස්  ශාලාවේදී පැවැත්විණ.

සෞදි අරාබියේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව වෙත සෘජුවම බලපාන කරුණු තුනක් ගැන තානාපති සමග සාකච්ඡා විය.

ප්‍රධාන වශයෙන්ම ශ්‍රී ලාංකික දරු දැරියන් වෙනුවෙන් ශ්‍රී ලාංකික පාසලක් නැගෙනහිර පලාතට ලබාගැනීමේ උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස සෞදි බලධාරීන්ගේ අනුමැතිය ලැබීම පිළිබඳවත්, ශ්‍රී ලාංකික නිෂ්පාදන සෞදි අරාබියට ආනයනය කිරීම සදහා දිරිමත් කිරීමත් තානාපති කාර්යාලය සහ තානාපති ජංගම සේවාව මගින් දේශීය  නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම සදහා ක්‍රමවේදයක් සකස්කිරීම පිළිබඳවත් අදහස් හුවමාරු විය.

තානාපති ජංගම සේවාව සදහා දැනට පැවැත්වෙන තාවකාලික ස්ථානය වෙනුවට ස්ථිර ගොඩනැගිල්ලක් ලබාගෙන සේවා පුළුල් කිරීම කෙරෙහිද අවධානය යොමු කිරීම සදහා දෙපාර්ශවය විසින් යෝජනා ඉදිරිපත් කරන ලදි.

විශේෂයෙන්ම එවැනි ස්ථිර ගොඩනැගිල්ලක් ඇත්නම් තදබදය මගහරවා ගැනීමෙන් ශ්‍රී ලාංකික ප්‍රජාව වෙත වඩාත් කාර්යක්ෂම සේවාවක් සැපයීමට හැකිබව තානාපතිගේද සංසදයේ  නිලධාරීන්ගේද පොදු අදහස විය.

pathi11120151218 pathi11201512182