IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


සෞදි නව තානාපති වැඩට බහියි

සෞදි අරාබියේ නව ශ්‍රී ලංකා තානාපති ලෙස පත්ව ආ මොහොමඩ් අස්මි තාසිම් මහතා නැගෙනහිර පළාත ශ්‍රී ලංකා සංස්කෘතික සංසදයේ නිලධාරින් අතර හමුවක් අල් කොබාර් ලා ටෙරස්  ශාලාවේදී පැවැත්විණ.

සෞදි අරාබියේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව වෙත සෘජුවම බලපාන කරුණු තුනක් ගැන තානාපති සමග සාකච්ඡා විය.

ප්‍රධාන වශයෙන්ම ශ්‍රී ලාංකික දරු දැරියන් වෙනුවෙන් ශ්‍රී ලාංකික පාසලක් නැගෙනහිර පලාතට ලබාගැනීමේ උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස සෞදි බලධාරීන්ගේ අනුමැතිය ලැබීම පිළිබඳවත්, ශ්‍රී ලාංකික නිෂ්පාදන සෞදි අරාබියට ආනයනය කිරීම සදහා දිරිමත් කිරීමත් තානාපති කාර්යාලය සහ තානාපති ජංගම සේවාව මගින් දේශීය  නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම සදහා ක්‍රමවේදයක් සකස්කිරීම පිළිබඳවත් අදහස් හුවමාරු විය.

තානාපති ජංගම සේවාව සදහා දැනට පැවැත්වෙන තාවකාලික ස්ථානය වෙනුවට ස්ථිර ගොඩනැගිල්ලක් ලබාගෙන සේවා පුළුල් කිරීම කෙරෙහිද අවධානය යොමු කිරීම සදහා දෙපාර්ශවය විසින් යෝජනා ඉදිරිපත් කරන ලදි.

විශේෂයෙන්ම එවැනි ස්ථිර ගොඩනැගිල්ලක් ඇත්නම් තදබදය මගහරවා ගැනීමෙන් ශ්‍රී ලාංකික ප්‍රජාව වෙත වඩාත් කාර්යක්ෂම සේවාවක් සැපයීමට හැකිබව තානාපතිගේද සංසදයේ  නිලධාරීන්ගේද පොදු අදහස විය.

pathi11120151218 pathi11201512182

 

 

 



අදහස් (0)

සෞදි නව තානාපති වැඩට බහියි

තිළිණ Saturday, 19 December 2015 04:47 PM

සුබ පැතුම්! (නි)

:       0       0

කුමාර් (ගල්ෆ්) Sunday, 20 December 2015 08:28 AM

මෙයාලා පින්තුරේට ඉඳලා තියෙන්නේ මත්පැන් බාර් එකක් ළඟ ඉඳගෙන, සෞදියේ නමට මේවා හරාම්. පිට ගියාම එයාලට මේවා නෝ හරාම්. (බ)

:       0       0

ප්‍රසන්න - සෞදි Friday, 18 December 2015 05:59 AM

සුබ පැතුම් (ම)

:       0       0

ලියනගේ Sunday, 20 December 2015 10:03 AM

දැන්වත් සෞදියේ ඉන්න අපේ ගෘහ සේවිකාවන් ගැන සොයා බලන්න.(හේ)

:       0       0

රිචි බාලසුරිය Friday, 18 December 2015 10:17 AM

සෞදි රාජ්‍ය ලෝකයේ බොහෝ රටවල ඔවුන්ගේ ආගම ධර්මය ප්‍රචලිත කිරීමට සහ යම් යම් ත්‍රස්ත කණ්ඩායම් වලට උදව් කරනා රාජ්‍යක් , අපේ දුප්පත් කම නිසා ඔවුන් දෙන මුදල ගෙන සිතනවා පමණකි , අනාගතයේ සිදුවන ක්‍රියාවන් රටත් ජනතාවත් බුද්ධියෙන් සිටිය යුතුයි (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 515 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2249 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1682 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site