සෞදි අරාබියේ නැගෙනහිර කලාපීය තානාපති ජංගම සේවාව මෙවරත් ජනවාරි 5  වැනි සිකුරාදා පෙරවරු  7 සිට පස්වරු  2.30 දක්වා අල් කොබාර් වෙරළාසන්න පෙදෙසේ ගල්ෆ් ටෙරස් ප්ලාසා හෝටල් සංකීර්ණයේ පැවැත්වෙන බව රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ උසස් නිලධාරියෙක් කියයි.

රියාද් තානාපති කාර්යාලයේ නිලධාරින් කිහිප දෙනෙකුම පැමිණීමට නියමිත මෙම සේවාවෙන් ගමන් බලපත් ඇතුළු අනිකුත් ලිපි ලේඛන කටයුතු සිදු කිරීමට නියමිත අතර කම්කරු  ගැටළු විසඳීම සඳහා කම්කරු නිලධාරින් කිහිප දෙනකු පැමිණීමට නියමිතය. සියලු ශ්‍රී ලාංකිකයින් උදසනින් පැමිණ ටෝකන් පතක් ලබා ගෙන තානාපති නිලධාරීන්ට සහාය දක්වන වෙන් ඉල්ලා සිටි. ගමන් මාර්ග සහ අනිකුත් විස්තර සදහා පහත අංක අමතන මෙන් ඉල්ලා සිටි.

සුමිත් 0500998349.පතිරාජ 054 5214452 ....ක්‍රිශාන්තන් ......0500035302