IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


සෞදි දුලි කුණාටු

සෞදි අරාබියේ අද (02) සන්ධ්‍යා  භාගයේ සිට පවතින දැඩි සුළං සමග  කුණාටු තත්ත්වය නිසා රියාද්,සහ නැගෙනහිර කලාපය ඇතුළු තදාසන්න පෙදෙස මුළුමනින්ම දුහුවිලි වලින් වැසී ඇති අතර මහා මාර්ග වල ගමන් ගන්නා වාහන සහ සාමාන්‍ය ජනතාව අධික දුවිල්ලෙන් පීඩා විදිනු දැක ගත හැකියි.මෙම දුහුවිලි කුනාටුව පිලිබඳව පුවත් පත් වලට  නිවේදනයක් නිකුත් කරන සෞදි බලධාරීන් පවසනුයේ සියලුම වාහන ඉතා සුපරික්ෂාකාරීව ගමන් ගන්න ලෙසය.අද රාත්‍රී 11 පමණ වනතුරුත් පවතින දැඩි සුළං සහිත මෙම කුණාටු තත්ත්වය මත හෙට (2)දින සියලුම පාසල් වසා තැබීමට කටයුතු කර ඇත .මෙම අයහපත් කාලගුණයේ බරපතල කම කෙසේද යත් නිවෙස් සහ විදේශිකයින් ලැගුම් ගන්න නවාතැන්වල ඇතුළත සහ පිටත ඝන දුවිලි තට්ටුවක් තැන්පත්වී ඇති අතර මුළු පරිසරයම අඳුරු පැහැ ගැන්වී ඇත 

වීඩියෝ කරුණා ප්‍රේමලාල් 

 

ඡායාරුප ලලිත් ප්‍රේමලාල් 

sulan-1 sulan2 1427955317959

1427955325342

ඡායාරුප කරුණා ප්‍රේමලාල් 

1427955333870

1427955359431 DSC04063 DSC04066

 



අදහස් (0)

සෞදි දුලි කුණාටු

චන්දික Thursday, 02 April 2015 03:11 PM

මේ පැත්තම දුවිලි වලින් වැහෙනවා.(හේ)

:       0       0

මොහමඩ් Thursday, 02 April 2015 07:53 AM

දමාම් වල මම ඉන්න ප්‍රදේශයේ අඩි 20 ක් දුරින් ඉන්න කෙනා පෙනෙන්නේත් නැහැ. (නි)

:       0       0

ශම්මි Thursday, 02 April 2015 03:14 PM

මුළු පැත්තම දුවිල්ලෙන් වැහිලා.ලංකාවේ අගේ හරියට දැනෙනවා මෙහෙම වෙලාවට.(හේ)

:       0       0

රසිකා Thursday, 02 April 2015 08:16 AM

මෙහෙත් ගන්න දෙයක් නැහැ. හැමතැනම දූවිලි. ලංකාවේ ඉන්න වාසනා කරන්න ඕනෑ. (නි)

:       0       0

මුසෙන් Thursday, 02 April 2015 08:17 AM

ඊයෙ රෑ බහරේන් වලටත් දූවිලු කුණාටු තිබුනා. දැන් නම් හරි (නි)

:       0       0

රවින්ද්‍ර ප්‍රබාත් විජේතුංග - අබුඩාබි Thursday, 02 April 2015 08:24 AM

මම ඉන්න අබුඩාබි වලත් ඊයේ රාත්‍රී සිට මෙවැනි දුවිලි කුණාටු දකින්නට ලැබුණා. දිවා කාලයේද මෙවැනි තත්වයකුයි තිබුණේ (නි)

:       0       0

ශාන සෞදි අරාබිය Thursday, 02 April 2015 08:31 AM

දැන් අපට පායන්න පටන් ගත්තා. එතකොට දුවිලි කුණාටු එන එක සාමාන්‍ය දෙයක්. සුළඟ හැම වෙලේම තියනවා. සමහර වෙලාවට පාරේ යන්නවත් පේන්නේ නෑ. වාහනයකින් එළියේ හෝ වාහනයක් එනතරු හෝ ඉන්න උනොත් හරිම අමාරුයි. සුළඟ තද කමට හිටවල තියන ගස් පවා ගැලවිලා වැටෙනවා. එ් වෙලාවට එන දුවිල්ල ඉතාමත් සියුම්. දොර ජනෙල් අතරින් ගෙවල් ඇතුලට එනවා. අප දැන් ඒවා පුරුදු වෙලා. 50-52 c විතර යනකල් රත්වෙනවා. පායන කාලෙට සුළඟ නිසා දැනෙනවා අඩු උනාට සුළඟ මූනට වදිනකොට පිච්චෙනවා වගේ දැනෙනවා. (ස)

:       0       0

ඉන්දික- බහරේන් Thursday, 02 April 2015 08:32 AM

බහරේන් වල පාරවල් හොයාගන්න බැරි විදියට වැලි කුණාටු අවා ඊයේ රාත්‍රියේ. අපේ වාහන ගෙවල් සහ කාමර ඇතුල සිහින් දුවිල්ලෙන් වැහිලා.(ම)

:       0       0

රොෂාන් Thursday, 02 April 2015 08:50 AM

කියල වෑඩක් නෑහෑ මුලු කුස්සියම අද හෝදන්න වෙනව දොර යටින් දුවිලි කුස්සියට ඈවිත් කුස්සියම දුබුරු පාටයි කොහොමද සවුදියේ කට්ට.(ම)

:       0       0

කසුන් Thursday, 02 April 2015 09:06 AM

ලංකාව කොච්චර වටිනවද කියලා හිතෙනවා මේ වේලාවට..(ම)

:       0       0

උපුල් Thursday, 02 April 2015 07:07 PM

මම ඉන්නේ අබුඩාබි. මගේ රැකියාව කුලී රථ රියදුරු. අම්ම‍ෝ! පුදුම දුකක් වින්දේ (නි)

:       0       0

තාරකා Thursday, 02 April 2015 09:56 AM

දෙවියන්ට මොනවත් කරන්න බැරිද මේ දෙයට ? (ස)

:       0       0

අරුණ ශාන්ත Thursday, 02 April 2015 10:22 AM

මමත් දම්මං වල ඉන්නේ. රූම් එක ඇතුලෙවත් ඉන්න බෑ. පුදුම දුවිල්ලක් තියෙන්නේ. (ස)

:       0       0

අමිල- ඩුබායි Thursday, 02 April 2015 10:25 AM

ඩුබායි තාමත් දූවිල්ලෙන් වැහිලා තියෙන්නේ...වැඩ නිම වී කාමරයට යන එක තමා ප්‍රස්නේ....(ස)

:       0       0

කමල් Thursday, 02 April 2015 10:30 AM

වැහැල මේවා නැතිවේවා. අනේ දෙවියනේ අපිට වහින්න. ඩුබායි අපි . (ස)

:       0       0

ඩිල්ෂාන් Thursday, 02 April 2015 09:58 PM

අපි ඉන්නේ සෞදි වල දකුණු මායිමේ. අපිට දුවිලි කුණාටු නම් නැහැ. යේමන් එක්ක යුද්ධයක් යනවා. ජීවිතේ කොයිවෙලාවෙද කියලා කියන්න බැහැ. (නි)

:       0       0

ප්‍රේමානන්ද Thursday, 02 April 2015 10:51 AM

මේ කුණාටුවට මා හසු වුණා. වාහනය පදවන්න පාර පේන්නේ නෑ. මෙහි භයානකත්වය වචනයෙන් පැහැදිලි කරන්න බැහැ. තෙරුවන් බලයෙන් කිසිම කරදරයක් වුනේ නැහැ. (ස)

:       0       0

ගාමිණී Thursday, 02 April 2015 11:27 AM

මම ඊයෙ රෑ කටාර් වල එයා බේස් ඉදල මිසයිඩ් වලට වාහනය පදවන්න මාර පරිප්පුවක් කැවා. (ස)

:       0       0

නිලන්ත වීරසිංහ Friday, 03 April 2015 01:49 AM

දැන් අඩු වෙලා (නදී)

:       0       0

නිරුප Thursday, 02 April 2015 06:57 AM

ඩුබායි දූවිල්ලෙන් වැසී රතුපාට වී ඇත. (ස)

:       0       0

රංජිත් සිල්වා Thursday, 02 April 2015 07:26 AM

මගේ සිරි ලක වාසනාවන්. ලංකාවේ ඉපදුණු අපිත් පිං කර තියෙනවා (දිල්)

:       0       0

නිලාන් (දෝහා) කටාර් සිට Thursday, 02 April 2015 07:34 AM

කටාර් වලටත් ප්‍රභල දුවිලි කුණාටුවක් ආවා.අපි බොහොම අමාරුවෙන් කාර්යාලයට ආවේ. පාරවල් මුළුමනින්ම දුවිලි වලින් වැසී තිබුණා. එහෙත් දැන්නම් දුවිලි කුණාටුව අඩුවෙලා. (නි)

:       0       0

මුරලි Thursday, 02 April 2015 07:42 AM

කටාර් වලත් ඉතාම අයහපත් කාළගුණයක් තිබෙන්නේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 605 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site