IMG-LOGO

2025 ජුනි මස 17 වන අඟහරුවාදා


සෞදි තරුණියකට සරණාගතභාවය හිමිවෙයි

තම පවුලේ සාමාජිකයන්ගේ තාඩන පීඩන ඉවසාගත නොහැකිව පලා ආ සෞදි ජාතික කාන්තාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නීත්‍යනුකූල සරණාගතභාවය ලබාදී ඇති බව ඕස්ට්‍රේලියානු රජය පවසයි.

මෙලෙස සරණාගතභාවය හිමි වුයේ රාවුෆ් මොහොමඩ් අල්- කුනුන් නැමැති 18 හැවිරිදි කාන්තාවටය.

පවුලේ උදවියගෙන් මරණ තර්ජන ඇති බව පවසමින් ඉකුත් (7) වැනි දා ඇය කුවේටය බලා යෑම ප්‍රතික්ෂේප කළාය.

තායිලන්තයේ බැංකොක් ගුවන් තොටුපළ හරහා ඕස්ට්‍රේලියාවට ගමන් කිරිමට ඇය පැමිණ ඇති බව පසුගියදා තායි ආගමන විගමන බලධාරීන් සඳහන් කළේය.

(28535)

 



අදහස් (12)

සෞදි තරුණියකට සරණාගතභාවය හිමිවෙයි

nisar Wednesday, 09 January 2019 11:06 AM

සෞදිය හොඳ නැත්නම් විසා නැතිව මැද පෙරදිග ඕන රටකට ඔය මිනිස්සුන්ට යන්න පුළුවන්.. ලංකාවෙන් කෙනෙක් ඔය කතාවම කියාගෙන යන්න ඕන ඕස්ට්‍රෙලියාවට, දොට්ට යවන හැටි බලන්න. මිලියන හත්දාහක් ජීවත් වෙන ලෝකයේ මේක ඉතා වැදගත් සිදුවීමක් වගේ පෙන්නනවා. කාලෙකට සැරයක් බටහිර රටවල් සරු දේ නිසරු දේ වශයෙන් පෙන්නන්න කරන නාඩගම් මේවා. එහෙ ඉඳන් දැන් පටන් ගනී අර අයිතිය, මේ අයිතිය කියලා ලෝකයේ ඉහළම තැන්වලට ගිහින් දේශනා දෙවනත් කරන්න. පාකිස්තානයේ අම්මණ්ඩි කෙනෙකුත් කාලයක් ඔහොම නැටුවා...

:       721       646

රාජුන්Wednesday, 09 January 2019 10:04 PM

නිසර්, කවුද පකිස්තාන අම්මණ්ඩි?

:       10       2

උදයThursday, 10 January 2019 01:31 AM

සෞදිය හොඳ නැති වෙලා අනිත් මැද පෙරදිග රටවල් හොඳයි කියන ප්‍රශ්ණයක් නොවන බව මුලින්ම තේරුම් ගත යුතුයි. නිසර් කියන විදියට මේ තරුණියත් අර පකිස්ථාන් අම්මන්ඩිය (මම හිතන්නෙ මලාලා යූසුෆ්- ඇය ඇෆ්නිස්ථාන් අම්මන්ඩියක්) වගේ බටහිර රටවල රූකඩයක් වේවි. නමුත් මලාලා වෙඩි කන්නෙත් මැය ගුවන් තොටේදි පවුලේ සාමාජිකයන්ගෙන් පලා යන්නේ බටහිර රටවල ඉගනුම් බහට නොවන බව පළමුව අප තේරුම් ගත යුතුයි. මේ එම දැරියන්ගේ හිතුවක්කාරකම් විය හැකියි. නමුත් දුප්පත් වුවත් පෝසත් වුවත් මුස්ලිම් කාන්තාවන් විඳින අපා දුකට එක් කුඩා නිදර්ශණයක් පමණයි මෙය. වැඩිහිටි කාන්තාවන් මෙසේ ක්‍රියා නොකරන තරම්. එ්කයි මම ප්‍රකාශ කළේ මේ එම දැරියන්ගේ හිතුවක්කාරකම් කියලා. සර්ව බලධාරී අල්ලාහ් එක දිනකට නිසර් ඇතුලු සියලු මුස්ලිම් පිරිමි කාන්තාවන් බවටත් සියලු මුස්ලිම් කාන්තාවන් ඔවුන්ගේ පුර්ෂයන් බවටත් පත් කලහොත් කාන්තාවන්ට ඇති ගැටලු හොඳින් තේරුම් ගනීවි.

:       223       643

ලසන්තFriday, 11 January 2019 01:25 AM

සෞදියේ වැඩ දැනට අවුරුදු කීපයකට පෙර ලංකාවේ දැරියක් නිකරුනේ මරා දැමීමෙන්ම පේනවා. මේ රටින් එම රටේ සේවයට යන කීදෙනෙකුට කරදර කළාද? ඒවා අමතකද? මෙම තරුණිය එම කටයුතු පිළිකුල් කරන අයෙක් විය යුතුයි..

:       0       0

jayath Wednesday, 09 January 2019 12:40 PM

සෞදිය, එහාට යන විදේශිකයන්ට (හැබැයි සුද්දෝ හැර) සලකන විදිය ගැන මට තදබල විවේචන තියනවා... නමුත් මේක බටහිර රූකඩයක් කියලයි මට හිතෙන්නේ..

:       26       143

samare Thursday, 10 January 2019 11:53 AM

මේ අය බටහිරට හරි බයයි

:       0       0

Sam Wednesday, 09 January 2019 12:49 PM

නිසර්ට රිදිලා වගේ ගොඩක්...

:       33       187

Anil Wednesday, 09 January 2019 12:50 PM

අර මාධ්‍යවේදියාට කරපු දේ දැක්කා නේද?

:       0       139

connected Wednesday, 09 January 2019 03:59 PM

nisar මහතා; සෞදි අරාබිය සහ ලංකාවේ තත්වේ සසඳන්න යන්න එපා.. ලංකාවෙන් ගියොත් දොට්ට දාන එක අදාළ නොවන කතාවක්.. ⁣ නමුත් සෞදි අරාබියේ කාන්තාවට සිදුවන පීඩනය ලෝකයට විවරවන තැන් විරලයි.. එවන් අවස්ථාවක් ඉස්මතුවීම මාතෘකාවක් වන්නේ ඒ නිසා. ඒක වැදගත්.. පාකිස්තානයේදී සිදුවුණු ඛේදවාචකයත් එක්ක මතුවුණු මලාලා යුසුප්සායි මේ මොහොත වනවිටත් වැදගත් මෙහෙවරක් සිදුකරනවා ලොවට.. ඒ ගැන නොදන්නවා නම් හොයලා බලන්න.. ශිෂ්ඨාචාරය ප්‍රශ්න කරන ඒ වෙනුවෙන් හඬ නගන මානව ප්‍රගමනයට ⁣මාවත් සොයන තමාගේ නිදහස වෙනුවෙන් කටයුතු කරන මිනිසුන් වෙනුවෙන් පෙනී ඉන්න.. එවිට බටහිරද නැගෙනහිරද යන කඳවුරේ නිවැරදි පැත්ත පෙනේවි..

:       0       0

Liya Thursday, 10 January 2019 08:05 AM

මුස්ලිම් කාන්තාවෝ සතුටින් හිටියට ඔවුන් මානසික සිරකරුවෝ . ඔව්න්ට එය පෙන්නන්න ඉඩක් නෑ .ආගමෙන් හිර කරගෙන ඉන්නේ . නමුත් එය වරදක්ම නේ . යම් සීමාවක් තිබිය යුතුය .

:       30       188

sunil Thursday, 10 January 2019 11:38 AM

හස් ගානක් සව්දි කාන්තාවන් මේ දුවට , ටුවිටර් වලින් උදව් කරනවා. ඒ හැමෝ ම කියන්නේ එයාල ගෙවන ජිවිතේ කුරිරු බව. ඒ කාන්තාවන්ට අදහස් ප්‍රකාශ කරන්න නිදහසක් නැ ශෝෂල් මීඩියා නැත්නම්.

:       0       11

කපිල Thursday, 10 January 2019 12:17 PM

මේකෙ කමෙන්ට් කරපු අය පුළුවන්නම් ආදරනීය ඩාලිය කියන පරිවර්තන චරිත කතාව බලන්න. ඒකෙ තියෙනවා මුස්ලීම් රටවල ගැහැනු අය මරණයට කොච්චර ලගින්ද ඉන්නෙ කියල.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1667 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 564 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 652 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site