තම පවුලේ උදවියගෙන් පලා ආ 18 හැවිරිදි සෞදි කාන්තාව එක්සත් ජාතීන්ගේ සරණාගත නියෝජිතායතනයේ රැකවරණය යටතේ බැංකොක් ගුවන් තොටුපළින් පිටත් බව ගිය බව තායිලන්තයේ ආගමන විගමන අංශය පවසයි.
එක්සත් ජාතීන්ගේ සරණාගත ආයතනය විසින් ඇයගේ තත්ත්වය ඇගයීමට ලක්කරන බව තායි බලධරයෝ පවසති.
ඕස්ට්‍රේලියානු රජය පවසන්නේ මෙම නඩුව ඉතා සමීප නිරීක්ෂණය කරනු ඇති බවයි. එලෙසම මොහොමඩ් කුනාන්ගේ චෝදනා ගැඹුරින් සැළකිල්ලට ගන්නා ලෙස ඉල්ලා සිටියි.
ඇය දැනට තායිලන්තයේ ස්වාධිපත්‍ය යටතේ සිටින බවත් ඇයට කිසිවෙකුට හෝ තානාපති කාර්යාලයට ඕනෑම තැනකට යාමට බල කළ නොහැකි බවත් තායි ආගමන විගමන බලධරයෝ පවසති.
තායිලන්ත තීරණය පැහැදිලි කිරිම සඳහා සෞදි රාජ්‍ය තාන්ත්‍රිකයන් අද (8) හමුවීමට නියමිතය.
තායි බලධාරීන්ගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සරණාගත ආයතනයේ ආරක්ෂාව යටතේ සුරක්ෂිතව සිටින බව ඇය පැවසුවාය.
(28535)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවාසනාවක තරම... ඕස්ට්‍රේලියාවේ නිකන් කන්න හම්බවෙයි. මැදපෙර දිග තරම් පිළිගැනීමක් ගැහැනුන්ට වෙන කොහේනම් තිබේද. ස්වර්ගය අත හැර අපායට යයි යනුවෙන් මාතෘකාව වෙනස් විය යුතුයි කියලා බමුණු ආරිච්චි මහතාට කියන්න කැමති
ඇයගේ ඕස්ට්‍රේලියානු ගමනට සුබපැතුම්.
නිසාර්, මොලයක් තියන සියලු සත්වයෝම දන්නවා මැදපෙරදිග කියන්නේ ගැහැනුන්ට මිහිපිට අපාය කියලා. මම නම් කියන්නේ මැදපෙරදිග ගැහැණු ඔක්කොම රටවල් වලින් පිටවෙන්න ඕන පුරුෂයන්ටම රටවල් කර ගන්න දීලා. එඩිතර තීරණයට මේ දුවට සුබ පැතුම්.!